මීදුම් බර දුම්බර කඳුවැටියෙ තනිවෙමුද ?
දුම්බර කඳුවැටිය නැතිනම් නක්ල්ස් කියන්නෙ කඳු නගින්නන්ගේ ප්රියතම ස්ථානයක් ඒ කඳු ගොන්නට එකතු වෙන ඒත් අප්රසිද්ධ ගමනාන්තයක් තමයි කන්දසාමිගල කියන්නෙ . මේ කන්දසාමිගල නගින පාරවල් දෙකෙන් එකක් වැටිල තියෙන්නෙ මේ අපේ කතාවට භාජනය වෙන කැටූල් ඔය බංගලාව පිහිටල තියෙන වත්ත මැද්දෙන් . ඉදිරියෙන් නක්ල්ස් කඳුවැටියත් වම් පැත්තෙන් දුරින් මහනුවර නගරයත් ඊටත් පිටුපසින් අරණායක කඳු වලල්ල දක්වාත් මේ සුන්දර නවාතැනේ ඉඳල බලාගන්න පුලුවන් .
මීදුම් වලා තීරයකින් ඈත කඳු වලල්ල වැහීගෙන ඇවිත් සුන්දර කැටුල් ඔය බංගලාවත් වහගෙන පැතිරිල යන එක නම් විදින්න සුන්දරම දෙයක් . ඒක විඳල බලන්නම ඕන දෙයක් . පවුලේ සංචාරයකට , පවුල් කිහිපයක් එකතු වෙලා සංචාරය කරන්න හොඳම තැනක් මේ ,සම්පූර්ණ බංගලාව වගේම අලුතින් එකතු වුන පොඩි පූල් එකක් එක්ක තියෙන නවීන කාමර උනත් ඔබට වෙනම වෙන්කරවාගනන් පුලුවන් . කාමර සුවපහසු විදිහට නිමකරල තියෙනව . බංගලාවට වඩා නවීන පහසුකම් එක්ක මේ අලුත් කාමර වල නිමාව තියෙනව . කඳුකරේ වනාන්තර සීමාවක ගල් බංගලාවක ඉන්නව කියන්නෙ වෙනස්ම හැඟීමක් .
දර්ශණීය තේ වත්තක් මැද්දෙ පිහිටල තිබෙන මේ කලුගල් බංගලාව නක්ල්ස් කඳු වැටියෙ දර්ශණීයත්වය සදාතනික සිහිවටනයක් කරාවි , හුළුගඟ මායිමේ පිහිටල තිබෙන මේ නවාතැන 12 දෙනෙකුට නවාතැන් සලසන්න පුලුවන් තැනක් , යන්නෙ මීට අමතරව බංගලාවට යාව තිබෙන අනිත් කාමර දෙකත් සමඟ 16 දෙනෙකුට නවාතැන් ගන්න ඔබට හැකියාව තිබෙනව .
මේ හැරෙන්නට කඳවුරු භූමියකුත් මේ බංගලාව පිහිටා තිබෙන භූමියේම එක කොනක පිහිටල තිබෙනව ජල පහරකට මායිම්ව පිහිටල තියෙන කඳවුරු භූමියත් ඔබට වෙනම වෙන්කරවාගන්න හැකියාවක් තිබෙනව , බාබකිව් හා ගිණිමැලයක් මෙන්ම දියඇලි ගවේෂණය , කඳු තරණයටත් මේ නවාතැනේ ඉඳල පහසුවෙන්ම අත්විඳින්න පුලුවන් දේවල් .
දුම්බර මිටියාවතේ ඉඳල දුම්බර කඳුවැටිය දිහා බලන් හිටියත් ඔබේ මනසේ වෙහෙස නිවෙනව ඒකාන්තයි ,