spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

මිට මෙළවූ අතක් බඳු නකල්ස් කඳුවැටිය

දුම්බර මිටියාවත හෙවත නකලස් හිම වර්තමානයේ නම් කදු නගින්නන් අතර ප්‍රසිද්ධ සංචාරක තෝතැන්නක් වෙනවා……..දෙස් විදෙස් සංචාරක ආකාර්ෂණය ලද දුම්බර මිටියාවතේ ප්‍රධානම,ගොඩාක් දෙනා දන්නා කදුවැටියක් පිලිබදවයී මේ ලිපිය….අත මිට මෙලවු විට අත පෙනෙන ආකාරයට සමාන දුම්බර මිටියාවතේ නකල්ස් කදු පහ පිලිබදවයි මේ ලිපිය…

**නකල්ස් කදු පහ**

දුම්බර වන පෙතේ සංචාරක ආකර්ෂණය දිනාගත් සුන්දරතම සංචරණ මාර්ගය වනුයේ නකල්ස් කදු පහ  කඳුවැටිය තරණය හෙවත දවටගල ස්වාභාවික වන මං පෙතයී…

 නකල්ස් රක්ෂිතය යන නාමය තුළට ගැබ්ව ඇත්තේ අතැඟිලි මිට මෙළවූ හැඩයක් සහිත නකල්ස් (Knuckles) කඳුවැටිය නිසායී.. බැලූ බැල්මට මෙහි ප්‍රධාන වශයෙන් කඳුවැටි පහක් පවතිනවා… 

**නකල්ස් කදු පහේ පිහිටීම**

තනි කඳුවැටියක් ලෙස තිබුණත් මෙම කන්දට පසෙකින් අලුගල් කන්දත් අනෙක් පසින් රිළාගල හෙවත් ගෝණ්ණ කන්දත් සම්බන්ධ වෙනවා.. දුම්බර ජන ජීවිතයට වඩාත් සමීප වූ කන්දක් ලෙස මෙය ප්‍රචලිත වෙනවා..උසින් මීටර් 1865ක් පමණ වන මෙම කඳුවැටිය දවටගල ස්වභාවික මංපෙත ලෙස හඳුන්වයි. මෙම මංපෙත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිත නීත්‍යනුකූල මාර්ගයක් වෙනවා..මෙම මංපෙත ඉසව් දෙකක් ඔස්සේ තනා ඇති අතර එය නකල්ස්හි සුන්දරතම ගම්මාන දෙකක් වන බඹරැල්ල සහ තංගප්පුව යා කරනු ලබනවා…

**ගමන් මාර්ගය***

මහනුවර සිට කටුගස්තොට හරහා මඩවලට පැමිණ පසුව පන්විල, හුළුගඟ හරහා බඹරැල්ලට ළඟා විය හැකි අතර බඹරැල්ලේ සිට එම මාර්ගය තවදුරටත් ගෝමරය හරහා රංගලට යාවෙනවා….රංගල සිට තංගප්පුවට යා හැකි අතර ප්‍රධාන වශයෙන් කි.මී. 30කට වැඩි දුරක් මහාමාර්ග ඔස්සේ පවතින නමුත් බඹරැල්ල හා තංගප්පුව වෙන් කරන ප්‍රධාන කඳුවැටිය ලෙස නකල්ස් කඳුවැටිය පවතිනවා…

නකල්ස් කඳුවැටිය යනු පොකුරු කඳු පන්ති පවතින දුම්බර වන පෙතේ වඩාත් සුවිශේෂී කන්දක් වෙනවා..මෙහි දැඩි ජෛව විවිධත්වයක් සහ ශාක විවිධත්වයක් ඇති අතර අනෙක් පසින් අධික සුළං ප්‍රවාහයක් සහ මීදුම් පතනයක් ද පවතිනවා.. බඹරැල්ලේ සිට ගමන් කරන ප්‍රධාන සංචරණ මාර්ගය කි.මී. 8කට පමණ ආසන්න වන අතර මෙය ක්‍රමවත් ලෙස නිර්මාණය කරන ලද මාර්ගයක් වෙනවා…එය තැනිතලා පල්ලම් සහ අඳුරු වන පෙත මැදින් කඳුකරය ඉහළට ඇදෙනවා.

 පළමු කඳුවැටියට පෙර හමුවන එකම මාර්ගය බෙදෙන ස්ථානය යනු දකුණු පසින් තංගප්පුව සිට පැමිණෙන මාර්ගයයි. මාර්ග ද්විත්වයම මෙහි එකතු වන නිසා වම් පැත්තට ගමන් කිරීමෙන් නකල්ස් ප්‍රථම කන්ද කරා ළඟා විය හැකිය.

 එම මාර්ගය අසල ගලක කෙටූ සටහනක් සහ හොඳින් හඳුනාගත හැකිය.. ක්‍රමයෙන් අ අඩි පාර දිගේ ඉදිරියට යා හැකියී… මාන කැලය දෙපසම තිබූ අතර ඒවා අඩි 5ක් පමණ උස වෙනවා.. මීටර තුන්සියයක් පමණ ඉදිරියට යත්ම  මුණගැසුණේ මීටර 10ක් පමණ උසැති නකල්ස් ඇල්ලයී.. ක්‍රමයෙන් විවෘත එළිමහන් ඉසව්වට පැමිණි විට එහිදී සුවිසල් නකල්ස් කඳුවැටිය හොඳින් දක්නට පුලුවන්..ඊට අමතරව නකල්ස් කඳුවැටිය එම කෙළවරේ සිට පටන් ගන්නා ගෝණ්ණ කන්ද හෙවත් රිලාගල කන්ද ද දැකගන්නට පුලුවන්.. 

විවෘත එළිමහන් අඩවිය ක්‍රමයෙන් අවසානවත්ම සේන්දු වන්නේ  වන පියසටයි. වන පියස අන්ධකාරය කෙළවරක් නොපෙනෙන තරම් වෙනවා.. නකල්ස් වන පෙතේ පරිසරය ශාක ගහනයෙන් අධිකයී.. මෙම ඉසව්ව දල වශයෙන් මීටර 1500ට වඩා ඉහළින් පිහිටි නිසාවෙන් මෙහි මීදුම් ඝනත්වය වැඩිය. සුළං ප්‍රවාහයේ අධික බව නිසාම මෙම ශාක ඊට උචිත ලෙස අනුවර්තනය වී ඇත.

මෙහි විශාල රූස්ස ගස් බොහෝමයක් ඇති අතර සමස්ත වන පියසම ශාකවලින් වැසී තියෙනවා.. නකල්ස් කඳුවල පවතින පොකුරු කඳු පන්ති ස්වභාවය නිසාම මෙම කඳුවැටි සියල්ල එකිනෙකට යාවී ඇත . ඒ නිසාම එහි පිහිටි ශාක වැස්ම පරිසරයට උචිත ලෙස හැඩගැසී පවතින්නේ.. වන පියස මැදින් වැටී ඇති අඩි පාර ඉතා පැහැදිලියී..එම මාර්ගය දුඹුරු වර්ණයෙන් යුක්ත නිසාවෙන් අඳුරු තද කොළ පැහැ ගැන්වූ වන පෙත මැදින් දිස්වන ආකාරය අතිශය සුන්දරයී..

තව දුරක් ඉදිරියට යන විට තංගප්පුවට යන මාර්ගය මුණගැසෙන ස්ථානය හමුවෙනවා..ඉන් වම් පසට හැරුණු විය ශීඝ්‍ර කඳු නැගීමකින්  නකල්ස් කඳුවැටියේ ප්‍රථම කඳු මුදුනට පැමිණිය හැකියී…. එය නිශ්චිත ලෙස හඳුනාගත නොහැකි නමුත් වුවත් එහි පිහිටි විශාල ගල් පර්වතය හේතුවෙන් එම ස්ථානය හඳුනා ගැනීමට පුලුවන්

** දෙවැනි කන්දට***

එතැන් සිට දෙවන කන්දට සුළු නැග්මකින් පසු  අනවසරයෙන් සූද‌ානම් කර තිබූ කඳවුරු භූමියට ලගාවෙන්න පූලුවන්… සතිපතා බොහෝ පිරිස් නකල්ස් හි කඳවුරු බඳින්නට පැමිණෙන නිසා ඉතාමත් සුදුසු කඳවුරු භූමියක් ලෙස මෙම ස්ථානය ඔවුන් විසින්ම සාද‌ාගෙන තියෙනව… මෙය තුරු හැර යට සමතලා බිමක් ලෙස සකස් කර තියෙන්නේ  . මෙහි කොළ අතරට පැහැදිලිව කඳවුරු යුගලයක් බැඳිය හැකි තරමේ ඉඩක් තනවා ඇත… නමුත් මෙය නීතියෙන් තහනම් කඳවුරු භූමියක් වෙනවා..

මෙතැන සිට නකල්ස් හි දෙවැනියට උසම කඳු මුදුන වන නකල්ස් කඳුවැටියේ දෙවැනි වැටියට ළඟා විය හැක්කේ අධික සුළං ප්‍රවාහය මැදය.  එය ඉතා ප්‍රබල සුළඟකි. කන්දේ අනෙක් පසින් හමා යන මීදුම දැඩි සුළඟට හසුව කන්දේ අනෙක් පසට ගලාගෙන යන්නේ අධික වේගයකිනි. දෙවැනි  කන්දේ ගලක කොටා තිබූ මිනින්දෝරු සලකුණ දුටු අතර එහි උසම ගල මුදුනේ  උස මීටර 1865ක් වෙනවා

** තෙවන කන්ද වෙත**

දෙවැනි කන්දේ සිට තුන්වන කන්ද දක්වා අඩි මාර්ගය තරමක් අපැහැදිලි වුවත් ඉදිරියෙන් තෙවැනි කන්ද පෙනෙන නිසා පැමිනෙන්නට පුලුවන්…. 

කෙසේ හෝ තෙවැනි කන්දේ සිට සිව්වැනි කන්දට තිබූ දුර තරමක් වැඩි වූ අතර එය බොහොවිට අධික පෙනෙනෙන  නොහැකි තරම් මීදුමට වැසී තිබෙනවා….සිව්වන කදු මුදුන සහ පස්වන කදු මුදුන් බොහො විට තෙත් වනාන්තර බිම් වෙනවා..එවා බොහො විය තෙත ගස්වැල් වලින් හා මීදුමෙන් සුලගින් දවසේ වැඩිකාලයක් වැසි පවතින්නේ  …නිශ්චිත අඩිපහරක් දක්නට අපහසු සිව්වන හා පස්වන කන්ද වෙත සංචාරකයෝ පැමිනෙන්නේ නම් තරමක් විට අඩුවෙන්…..

නකල්ස් කදු පහේ සිට දැකිය හැකි දර්ශන 

නකල්ස් කදු පහේ සිට ඉතා පුලුල් පරාසයක දර්ශනයක් දැකගන්නට පුලුවන්…..නකලස් කදු පහේ සිට දැකගන්නට පුලුවන් කදු විදියට  තුන්හිස්ගල, වමරපුගල, උඩවන්නිමාන, නාරංගමුව ,කොමලෑවේ ගල, මීරියගොල්ල හා මීමුරේ ලකේගලත් ඊට අමතරව පසෙකින් අලුගල් කන්ද දැකගන්න හැකි අතර  නකල්ස් පස්වැනි කන්දෙන් වම්පසට බැස ගත් පසු අලුගල් කන්දට යා හැකියී . 

නකල්ස් පස් කඳුවැටිය තුළ අප එනසාල් වගාව දකින්නට නැති තරම්… . මෙම කඳුවැටියේ  පරිසරය ඉතා සුන්දර හා ආකර්ෂණීය වන අතර විවිධ ඕකිඩ් මල් වර්, පාසි හා ඇල්ගී වර්ග, කටුස්සන් හා ගෙම්බන් වර්ග සේම විවිධ වර්ණයෙන් හැඩගැසුණු ශාක පත්‍ර පිරි තුරු ලතා බොහෝමයක් සහ ගස් මත වැඩුණු අපිශාක සහ වැල් වර්ග රාශියක්ම දක්නට ලැබෙනවා…..

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles