spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ලංකාවේ ලස්සනම දියඇලි 10ක් 

ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දුපතක් වුවත් මෙරට තියන සුන්දරත්වය නම් කිසිම අඩුවක් නැ,,මෙච්චර කුඩා රටක් වුවත් මෙහි තියන ලස්සන තැන් බොහොමයි ,,කුඩා රටක් වුවත් ලංකවේ තියන දියඇලි ගණන 400කට ආසන්න බව ඔබ දන්නවද ,,කඳුකරේ යන ගමන් හරි ලස්සන දියඇල්ලක් ළඟ නැවතිලා එහි සුන්දරත්වය විදගන්න කවුද ආස නැත්තේ ,,මේ ලිපියෙන් කියන්නේ ලංකාවේ ලස්සනම දියඇලි 10 ගැනයි 

  1. සෙන් ක්ල්යර් ඇල්ල

උසින් මීටර් 80ක් වන තට්ටු කිහිපයකින් ගලා හැලෙනා සෙන් ක්ල්යර් ඇල්ල ශ්‍රී ලංකාවේ පළලින් වැඩිම දිය ඇල්ල වෙනවා ,,,මහවැලි ගඟේ ශාකාවක් වන හැටන් ගග මෙයට දියවර සපයනවා ,,කොලබ සිට හැටන් හරහා තලවාකැලේ මග ඔස්සේ නුවරඑලිය යන මාර්ගයේ ඉතා සුන්දර තේ වතු සහිත මිටියාවතක සෙන් ක්ල්යර් ඇල්ල පිහිටා තියෙන්නේ,ඉතා ඉහල දෙස් විදෙස් සංචාරක ආකර්ශනයක් ලද ලස්සන ඇල්ලක් නිසාම සෙන් ක්ල්ය්ර් ඇල්ල ලස්සනට ඈත තියා නරබන්නට නරබුම් මැදිරියක් තනා තියෙනවා ,,ඒ නිසාම සතියේ දින සහ සති අන්තයේ මෙහි බොහෝ පිරිසක් ඇල්ල නරබනවා,,,,ඉතා පුළුල් ජල දහරාවක් ගලා හැලෙනා සෙන් ක්ලයර් ඇල්ලේ වර්තමානයේ නම් ජල මට්ටම බෙහෙවින් අඩුයි ,එයට හේතුව නම් ඉහලින් වූ තලවකැලේ ජල විදුලිබල ක්‍රියාවලිය නිසා මෙහි වූ ජල දාරා එයට හරවා ඇති නිසා ,,නමුත් දවසේ යම් කාලයක් එහි ජල දාරා නිදහස් කොට අල්ලේ සුන්රත්වය නරබන්නට හැකියාව උදා කර තියෙනවා ..

  1. බෝබුරු ඇල්ල 

වැලිමඩ ඌව පරණගම බොබුරු ඇල්ල ගමේ පිහිටා තියෙන බෝබුරු අල්ල ලංකවේ තවත් සුන්දර දියඇලි දාමයක් ….මෙහි ඇලි 10ක් පමණ තිබ්බත් බොහෝ දෙනෙකුට යා හැකි ,පහසුවෙන් නරබන්නට හැකි ,බොහෝ දෙනෙකුගේ ආදරය ලද ඇල්ල වන්නේ මෙහි දෙවැනි කොටසයි ,,,,ඉතා පුළුල් දෙවැනි ඇලි කොටස මිහිපිට ඇති දිව්‍යලෝකයක් බදු යි ,එක්වරම එය දකින්නෙකු එයට වසග වනවා නොවනු මානයි ,,සුදු පාටින් පෙනපිඩු නංවමින් වැටෙන ඇල්ලසේම අවට වී විශාල හරිතපැහැ තනබිමද එහි අපුරුව තවත් වැඩිකරනවා ,,,මෙහි ප්‍රසිද්ධම වූ දෙවැනි ඇල්ල උසින් මීටර් 50ක් පමණ වෙනවා ,,,මෙය දෙමුහුම් ඇල්ලක් ලෙසද දක්වන්නට පුළුවන් ,මොකද මෙහි දෙපැත්තකින් ජලය කඩා හැලෙනා නිසා ,,,,,ඉතා සුන්දර පරිසරයක පිහිටි මෙම බෝබුරු ඇලිදාමය මෙරට දියඇලි අතර අගනා ආභරණයක් ලෙස හදුන්වන්නට පුළුවන් …

  1. ලක්ෂපාන ඇල්ල

ලක්ෂපාන දිය ඇල්ල මෙරට දියඇලි අතරින් උසින් 8 වන ස්ථානය ගන්නා දිය ඇල්ල වනවා ,,,,උසින් මීටර් 125ක් වන ලක්ෂපාන දියඇල්ල මස්කෙළිය ඔයේ නිර්මාණයක් වෙනවා ,,,හැටන් මස්කෙලියේ ,කිරිවන්දෙනියේ සප්ත කන්‍යා කඳු වැටියට පහලින් ගලා හැලෙනා ලක්ෂපාන ඇල්ල දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ඉහලින්ම ලග තවත් එක දිය ඇල්ලක් වෙනවා ,,,,,මෙහි ඉහලට මෙන්ම පහලට ද ගමන් කල හැකි වුවත් එහිදී ඉතා අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා ,දිය ඇල්ලේ ඉහල සිට පහලට කඩාවැටෙන අපුරු අන්දමත් ,එහි දුර සිට බලන විට එහි පිහිටීමත් නිසා මෙම ඇල්ලට ගෙන එන්නේ අපුරුම වූ සුන්දරත්වයක් ,,,සිරිපා ගමන් මගේ පිහිටි ලක්ෂපාන ඇල්ල එකල නිශ්ශංක මල්ල රජතුමා සිරිපා වන්දනාවේ යෙදෙන විට මෙම ඇල්ල අසල පහන් ලක්ෂයක් දැල්වූ නිසා මෙයට ලක්ෂපාන ඇල්ල යයි නම් පටබැඳුණු බව කියවෙනවා 

  1. රම්බොඩ ඇල්ල

උසින් මීටර් 109 ක් වන රම්බොඩ ඇල්ල දෙස් විදෙස් ආකර්ශනය මහත් සේ ලද මෙරට දියඇලි අතරින් උසින් 11 වන ස්ථානය ගන්නා දියඇල්ල වෙනවා ,,,කොළඹ නුවරඑළිය මාර්ගයේ පුස්සැල්ලාව පසුකොට මද දුරක් යනවිට මෙම ඇල්ල ද්කගන්න්ට හැකිය ,මෙහි කොටස් කිහිපයක් වන නිසා ස්ථාන කිහිපයකින්ම ඇල්ල දැකගන්නට පුළුවන් ,,,ඇල්ලේ වඩාත් සුන්දරත්වය නැරබිම්ට දිය ඇල්ල අසලටම යා හැකිය ,,,,වඩාත් සංචරක ආකර්ශනය ලද නිසාම ඒ අවට අවන්හල් ,හෝටල් සහ සංචරක නරබුම් කුටි සමන්විත වේ ,,,,,දෙපැත්තකින් ජලය ගලා හැලෙනා සුවිශේෂී පිහිටීමක් සහිත අපුරු වටිනාකමින් යුතු දිය ඇල්ලක් ලෙස රම්බොඩ ඇල්ල හඳුනවන්නට පුළුවන් .

5 ) කිරිදි ඇල්ල

රත්නපුර පැල්මඩුල්ලේ පිහිටි කිරිදි ඇල්ල උසින් මීටර් 115ක් වන ලංකවේ ඇලි අතරින් උසින් 9 වන ස්ථානය ගන්නා ඇල්ල වනවා ,,,කුට්ටපිටිය ගම්ම්නයේ සිට වනගත මගක් ඔස්සේ පහලට මීටර් 600ක් පමණ බැසීමෙන් මෙහි ඇල්ල පාමුලට පැමිණිය හැකිය ,කිරිදි ඔයේ නිර්මාණයක් වන කිරිදී ඇල්ල කුට්ටපිටිය කන්දේ සිට කඩා හලේ ,,අනෙක් දියඇලි වලට වඩා වෙනස් පැතලි ගල් තලාවක් ඔස්සේ සුදුපැහැ දියධරා නග්වමින් සුදු සාරියක් හැඳි මනාලියක සේ ගලා හැලෙනා කිරිදී ඇල්ල සුන්දර දිය ඇල්ලක් වුවත් තවමත් එතරම් සංචාරක ආකර්ශනය ලද දිය ඇල්ලක් නොවේ ,,,,එහි අවට වූ පාලු ,ගුප්ත ස්වභාවය සහ අඇල්ලේ වූ හෝ හෝ හඩ එයට එක කරන්නේ සුන්දරත්වය මුසුවූ ගුප්ත බවකි ….

6 ) ඇබර්ඩීන් ඇල්ල

     

         ඇබර්ඩීන් ඇල්ල හෙවත් ඇලිදොනා ඇල්ල මෙරට ඇති තවත් සුන්දර දිය ඇල්ලකි ,උසින් මීටර් 98ක් වන ඇබර්ඩීන් දිය ඇල්ල මෙරට දිය ඇලි අතරින් උසින් 12 වන ස්ථානය ගන්නා දිය ඇල්ල වෙනවා …..ඇබර්ඩීන් දිය ඇල්ලක් යයි කීවාට මෙයද එක්තරා ආකාරයේ දිය ඇලි දාමයක් යයි හඳුන්වන්නට හැකි වන්නේ මෙහි බොහෝ දෙනා නරබන ,එමෙන්ම ප්‍රසිද්ධ වුත් ,උසින්ද වැඩි වූ ඇල්ලට ඉහලින් තවත් වූ ඇලි 5ක් පමණ පිහිටන්නාවූ නිසයි ,,,,,,,,කෙහෙල්ගමු ඔයේ නිර්මානයක් වන ඇබර්ඩීන්  හෙවත් ඇලිදොනා දියඇල්ල මේ වනවිට දෙස් විදෙස් සංචාරයන් දෙපිරිසම අතර බොහෝ සේ ප්‍රසිද්ධ සංචාරක ආකර්ශනය ලද දිය ඇල්ලක් වෙනවා ,,,,,ප්‍රධාන ඇල්ල පහල වූ පතුලේ වූ වැලි තට්ටුව මතින් ගමන් කොට ඇල්ල පාමුල්ටම ගමන් කරන්නට හැකි වුවත් එය විටෙක බොහෝ අවධානම් වූ ක්‍රියාවකි ,,කෙසේ වුවත් ඇබර්ඩීන් ඇල්ලේ සුවිශේෂී සුන්දර පිහිටීම නිසා බොහෝ දෙනකු මෙයට පෙම්බදී ….

7 ) බඹරකන්ද දිය ඇල්ල

     ශ්‍රී ලංකාවේ සුන්දර දියඇලි පිලිබදව සදහන් කරන විට අමතක කර නොහැකි ඇල්ලක් ලෙස බඹරකන්ද දිය ඇල්ල දැක්විය හැකිය ,,,බොහොමයක් දෙනා දන්නා ලංකාවේ උසම දිය ඇල්ල වන්නේද මෙයයි ,,,,,උසින් මීටර් 265ක් වන බඹරකන්ද දිය ඇල්ල පිහිටා ඇත්තේ කොළඹ බදුල්ල මාර්ගයේ කළුපහන හන්දියෙන් හැරී ඉහලට යන ගලපිටගල තැන්නට ඔබ්බෙන්ය ,,,,,මේ වනවිට ඉහල දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලද බඹරකන්ද දිය ඇල්ල විටෙක උසින් වුවත් එහි ගලා හැලෙන ජලධාරාව විටෙක ඉතා මද වෙයි ,,නමුත් වැසි  කාලෙදී නම් මෙහි අලංකාරය ඉතා වැඩි වේ ..බඹරකන්ද ඇල්ලෙහි වන එක විශේෂත්වයක් වන්නේ ඇල්ලෙහි පාමුල තටාකය ගැඹුරු නොවීමත් ඇල්ලෙහි පාමුල්ටම ගොස් ඉහලින් වැටෙනා ජල ධාරාවෙන් තෙමෙන්නට හැකි වීමයි …

8 ) ඩෙවොන් ඇල්ල

       මෙරට ඇති ලස්සනම දියඇලි අතරින් තවත් අමතක කල නොහැකි දිය ඇල්ලක් ලෙස සෙන් ක්ලයර් ඇල්ලට යාබද හිතවතා හෙවත් ඩෙවොන් වතුයායේ හැඩකාරයා ,ඩෙවොන් ඇල්ල දැක්විය හැකිය .මෙරට දියඇලි අතරින් 19 වන ස්ථානය ගන්නා ඩෙවොන් ඇල්ල උසින් මීටර් 97ක් වෙනවා ,,,,කොළඹ නුවරඑලිය හැටන් තලවාකැලේ හරහා ඇති මගේදී හමුවන ඩෙවොන් ඇල්ල ඈත තියාම ඉතා අපුරුවට ජලය ගලාහලේනා ආකාරය දකන්න්ට හැකිය ,,,,අතීතයේ සරුසාර කොපිවගා භූමියක ,පසුව නම් තේ වගා වගාව සදහා ඩෙවොන් නම් ඉංග්‍රීසි ජාතිකයා මේ පෙදෙස යොදාගත් නිසා මෙම ඇල්ලත් එම භූමියට අයත් නිසා එනමින් නම් කෙරුනා .

9 ) දුන්හිද ඇල්ල

    මෙරට ලස්සනම දිය ඇලි අතරින් තවත් අපුරුම සුන්දරත්වයක් ගන්නා දිය ඇල්ලක් ලෙස දුන්හිද ඇල්ල හදුන්වන්නට පුළුවන් ,,,,,නිතරම දුමිපිටකරන්නක් සේ ගලා හැලෙනා දුන්හිද දිය ඇල්ල උසින් මීටර් 65කි ,,එය බදුලු ගඟේ නිර්මාණයක් වෙනවා ,,,,,,හෝ හෝ මහා ශබ්දයෙන් මහා ජල කදක,මහා දුම් නගමින් පහලට හලන්නක් සේ මෙන් නිසා මේහි වූ දුම් වැනි ජල වාෂ්ප නිසා මෙයට මෙසේ දුන්හිද යයි නම් වැටි තියෙනවා .බදුල්ල මහියංගනය මගේ කිලෝමිටරයක් දුර ගොස් දුන්හිද නරබුම් ස්ථානය යයි වූ මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් දුන්හිද ඇල්ල වෙත ලගාවිය හැකිය ,,එයට ප්‍රවේශ වීමට ටිකට් පතක් මිලදී ගත යුතු අතර මේ වනවිට ඉතා ඉහල සංචාරක හා වෙළද සල් පිහිටි දියුනු සංචාරක තෝතැන්නකි ….

10 ) පාසි ඇල්ල

මෙරට ඇති දිය ඇලි අතරින් වෙනස්ම සුන්දරත්වයක් ගෙනෙනා එහෙත් එතරම් සංචාරකයන් අතර ප්රිසිද්ධ සහ ආකර්ශනය නොලද එහෙත් අපුරුම ඇල්ලක් ලෙස පාසි ඇල්ල දක්වන්නට පුළුවන් .මෙරට ඇති හුණුගල් දිය ඇලි කිහිපය අතරින් ඉතා විශේෂ ඇල්ලෙහි වූ කළුගල් පෘෂිටය මත ඇති හුණුගල් ස්තර මත කොලපාට පාසි බැඳී ඇති වෙනස්ම අපුරුවක් ගෙන එන්නකි …වැල්ලවාය වැදීකුඹුර පෙදෙසේ වනගතව පිහිටා ඇති මෙම ඇල්ල වෙත පැමනිමට නම් වනගත මග ඔස්සේ කිලෝමීටර් 5ක පමණ තරමක් දුෂ්කර ගමනක යෙදිය යුතුය ,,කෙසේ වුවද සුන්දරත්වය අතින් සේම ස්වභාවික පිහිටීම අතින්ද ඉහල ස්ථානයක ගන්නා දිය ඇල්ලක් ලෙස පාසි ඇල්ල දැක්විය හැකිය …

සටහන – තිවංක රත්නසේකර 

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles