spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

මාචි… ජීවිතය සොයා යන වෙනස්ම ගමනක සටහන් 01

පසුබිම් කතාව….


පොඩිකාලේ ඉඳලාම මම වැද්දෙක්. අවංකවම මම අපේ දෙමාපියන්ගෙන් කැලෑ වැද්ද කියන අන්වර්ථ නාමය අරන් තිබුනේ පොඩිකාලේ ඉඳලාම. හේතුව කැලේ ඉන්න ඇවිදින්න කඳු නගින්න හරිම ආසයි.කාලගුණ වෙනස්වීම් බලන්න කොටින්ම මම 10 , 11 ශේණිවල ඉන්දැද්දි පැය ගණන් පුටුවක් එලියෙ තියන් බලාන ඉන්නව වළාකුළු හැදෙන දිහා. ඉතින් මේක දැක්කම බැනල යනව යකෝ පිස්සු හැදිලද මෙලෝ සිහියක් නැතිව උඩබලාන ඉන්නෙ කියල.


ඒ පිස්සව බිහිකරන්න පොඩිකාලේ ම හේතුවක් උනේ 1993 – 1994 වගේ කාලයේ ITN එකේ විකාශනය කරපු වනගත ඇමරිකාව වගේ වාර්තා වැඩසටහන් ඊටපස්සේ රොබින්සන් අන්දරය වගේ ඒව කිව්වොත් හරියටම හරි. මම අවුරුදු 4 , 5 වගේ (මට මතකයි ) මම වනගත ඇමරිකාව බලද්දි මම කකුල් දෙකත් පුටුව උඩට ඇරන් ඇත්තටම මම හිතනව මම තමා ඒ යන්නේ කියල. ❤️


කාලය ගෙවිල ගිහින් Al එහෙමත් කලා ඒ ඊටපස්සේ ලැබුන නිවාඩු කාලයත් මම කලේ කැලෑවේ යන එකම තමා උදාහරණයකට මම මාතලේ ඇටිපොල නගින්න තව අයියලා 2 කුත් බලෙන්ම වගේ අඬගහගෙන (😁) 20 KM විතර පයින් ගිහින් නැගල හවසට එනව..
ඉතින් කැම්පස් ආව ඊටපස්සේ ඉතින් මගේ ආදරණීය බිරිඳ ව හමුවුනා ( Dilini ) ඉතින් ඊටපස්සේ මට ඕනේ උනා ලොකූ කෝටිපතියෙක් වෙන්න.මහා ලොකූ සල්ලි කාරයෙක් වෙලා ලෝකේ වටේම යන්න.(ඔව් කොහොමත් මට එදා ඉඳන්ම තියෙන්නේ හරි ලාමක හීන දකින මනසක් 😁 )


මුලින්ම Class කලා.2011 දී Bajaj Discover එකක් ගත්තා ඇත්තටම ඒකලේ මුදලුත් නෑ ඒත් ඒ පොඩි බයික් එකෙන් අපි ජීවිතය වින්දා.ඊටපස්සේ ටික ටික සල්ලි හොයන ආසාව වැඩිඋනා පොඩි Car එකක් ගත්තා 2014 දී හිතුවේ දැන් ඒකෙන් සැපපහසුවට ඉස්සරහට වඩා වැඩියෙන් ඇවිදින්න. අන්තිමට ගියපු ගමනක් නෑ.Class වලින් සල්ලි එකතුකරන් Business කලා මානසික පීඩනය එන්න ගත්තා අරමුණ කැලෑවේ ගියා අන්තිමට සොම්බියක් වගේ හැඟීම් දැනීම් පවා නැතිව පිස්සෙක් වගෙ සල්ලි හොය හොයා ජීවත් උනා. අන්තිමට අනවශ්‍ය විදිහට මුදල් යොදවලා Business එක නැත්තටම නැතිඋනා ඊට කලින් හොයපු මුදලුත් එක්කම.
ඔන්න ආයිම පියවි සිහියට ආව.


මම මගේ ජීවිතේ හොඳම කාලෙන් අවුරුදු 7 ක් 8 ක් නාස්ති කලා කෝටිපතියෙක් වෙන්න හිතාන. ඉගෙන ගත්තේ ත් නෑ.දැන් 2018 ආපහු හැරිල බැලුවම අතේ ආයිම මොකුත් නෑ.
ඉතින් මම මාවම ප්‍රශ්න කලා. මට ඇත්තටම මොනවද ඕනේ… මට ඕනේ සතුට….
කාලයක් මම උදේ ගිහින් හවසට රුපියල් 100 000 ක් විතර හොයන් ගෙදර ආව.(ඒක business කරන අයට මහලොකු මුදලක් නොඋනත් මට ලොකු මුදලක්) මාසෙට ලක්ෂ 4 ක් විතට පඩි ගෙව්ව. අන්තිම වෙද්දි කඩ කාමර 2 ක් , කාර්‍යාලයක් , සේවක නවාතැනක් තිබුනා ඒකටත් ලොකු මුදලක් ගෙව්ව . ඔව් සල්ලි නම් තිබුන.
ඒත් මට සතුට තිබුනේ නෑ.. උදේට නැගිටින්නේ මහ බරක් ඔලුවෙ තියාන. ඉතින් මට ඇත්තටම මේකද ඕනේ උනේ.එදා ඒක තේරුනේ නෑ.ඒත් business එක වැටිලා වැලේ වැල් නැතිව ඉද්දි තේරෙනවා.
ඔව් මම සැලසුම් කලා. ඒත් සේරම කෙලව ගත්තු මිනිහෙක් විදිහට මම දන්නව ඒක ඒදවස් වල කාටවත් කොයන්න බෑ. එහෙම උනොත් මාව අංගොඩ යවනව.


මට ඕනේ උනේ ලෝකෙවටේ යන්න. ඒත් ඒකට අපේ රටේ ඉඳන් සල්ලි හොයල ඉවරවෙලා කරන්න අමාරුයි පුලුවන් අය ඇති ඒත් මට බැරිබව තේරිලයි තිබුනේ.ඉතින් මම youtube බැලුව කොහොමද මම මේක කරන්නේ කියල. මම දැක්ක මිනිස්සු වාහන අරන් ඒවල ගෙවල් වගේ හදලා ඇවිදින ගමන් ජීවත් වෙනවා.අම්මටසිරි 😮 මම පිස්සුවෙන් වගේ video බලාන ගියා මොකද පොඩිකාලේ මම කල්පනා කරා ඇවිඅපිට බැරි ගෙට රෝද හයි කරන්න කියල. මම ඔක අප්පච්ච්ට කියල මට හිනාත් උනා. 😁😁


[තව එකක් මේ පිස්සු ගතිය වැඩිකරන්න අපේ රෝද උඩ ජීවිතේ Facebook Page එක කරන ඒ අයියගේ කතාවත් හේතුවක් උනා.අද ඒ පිටුවොන් ගොඩ දෙනෙක් එයාගෙ කතාව දැන ගත්තට මම 2013 (මතක විදිහට ) කාලයේ තමා මම එයාගේ කතාව පත්තරයක ලිපියකින් දැක්කේ.❤️


ඔය අතරේ මැලෙසියා trip එකක් යන්න ලැබුනා ඇත්තටම මට ඒකටවත් සල්ලි හොයාගන්න බැරි උනා මගේ මදිපාඩුව දුන්නේත් මගේ ආදරණීය බිරිඳ .
මට හිතුනා එදා අඩේ tour agent කෙනෙක් උනොත් මටත් මෙහෙම ඇවිදින්න පුලුවන් නේද කියලා ඒක කියල ඊටපස්සේ අහනව දැන් ඒපාර ඒක කරන්න යනවද කියල.. 😁 ඉතින් මම හැමතැනින්ම black mark හිතන්න එපා දැන් හරි කියල තවම මාව black list වෙලා ඉන්නේ..😁 (දැන් හිතන්න එපා මම දැන් tour agent කෙනෙක් කියලා 😁😁 business )
ඒත් දැන් මම මේක හංගන්නේ නෑ.. ප්‍රසිද්ධියේ කියනව.
මොකද ජීවිතයට ඕනේ සල්ලිවත් සමාජ තත්වය වත් නෙවේ. එහෙම ඕනේ කියල තමා 95% හිතන්නේ හැබැයි  ඒක ඇත්තටම අපේ ආත්මයට ඕනේ දෙ නෙවේ. සමාජයෙන් දාන දේ. ලස්සන වාහනයක් , ලස්සන ගෙයක් , AC කරපු office එකක් , ලොකු company එකක් ,හැමෝම sir කියන්න. මේව තමා සමාජය අපට දීපු දායාද.හැබැයි කවුරුත් වෙනත් දෙයකට අත ගහන්න බයයි. ඇයි අපේ සමාජය සකස් වෙලා තියෙන්නේම වෙනස් වීමට විරුද්ධව යන්න. අපේ සමාජයෙන් අලුත් දේවල් එන්නේ නෑ..
චිත්‍ර අඳින්න පුලුවන් කෙනා චිත්‍ර අඳින්නෑ. නටන්න පුලුවන් කෙනා නටන්නෑ , වඩු වැඩ පුලුවන් කෙනා වඩු වැඩ කරන්නේ නෑ, ක්‍රීඩාවක් කරන්න පුලුවන් කෙනා ක්‍රීඩාවක් කරන්නේ නෑ , කොටින්ම අපේ ආත්මයෙන් එන හැකියාව අපි රටේ දියුණුවට යොදවන්නෑ.. හොඳම උදාහරණයක් අපේරටෙත් බිලියන පතියන් ඉන්නව ඒත් ඔය කවුරුත් අලුත් නිර්මාණ ක්රන්නෑ හේතුව බිස්නස් බිස්නස් බිස්නස් , ලාභ පාඩු හැර වෙන දෙයක් නෑ..

 අපට පොඩිකාලේ ඉඳන් කියන්නේ අපිට ඇහෙන්නේහීන පස්සේ යන්න එපා..!ආසාවල් පස්සේ යන්න එපා..!ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙන්න.රජයේ නිලධාරියෙක් වෙන්න .වගේ කතා…


කොටින්ම කැම්පස් යන්න කැම්පස් පොත පුරවද්දී හැමෝම කියන්නේ ඕක එපා අරක කරන්න ඒකේ තමා job තියෙන්නේ.ආසාවල් පස්සේ යන්න පුරුදු වෙන්න එපා කියලා.. ඕකම තමා අපිට තියෙන ලොකුම හෙනේ.
අපේ මිනිස්සුන්ගෙන් 90% කරන්නේ තමන් ආස ඇඟේ තියෙන දේ නෙවේ.හම්බ කරන්න පුලුවන් දේ.මෙතන මට තේරෙන දේ තමා මිනිස්සුන්ගෙන් 90% රස්සාව කරන්නේ කැමැත්තෙන් නෙවේ.ඒක ඒ මිනිස්සින්ගේ පිස්සුව නෙවේ.ඉතින් මිනිස්සු බලන්නේ කොහොම හරි අකැමැත්තෙන් හරි තමන්ගෙ පවරපු වැඩේ කොහොම හරි අටවලා හවසට ගෙදරට එන්න.ඉතින් ලොකු ප්‍රතිශඕක වෙද්දී කවරුත් තමන් කරන දේට උපරිම සාධාරණයක් කරන්නෑ.. තමන් තමන්ගේ හැකියාව නිර්මාණශීලී බව ඒකට යොදන්නෑ.. ඉතින් එහෙම උනාම ඒක රටේ දියුණුවට කොහොම බලපාවිද.මම නම් කියන්නේ අපිට දියුණුවට කලින් අපේ සිතිවිලි වෙනසක් ඕනේ.. මම කරන දේ මම කරන්නේ අකැමැත්තෙන් නොවෙන්න ඕනේ.. 


ඉතින් අපි රටක් විදිහට ඉදිරියට යයිද.. සමාජයට ඕනේ දේ නෙවේ අපිට ඕනේ දේ අපේ ඇතුලෙන් එනදේ කරන්න.සමාජය ඒකට විරුද්ධව යනවනම් අපි සමාජයට ඕනේ දේ කරලා සාමදානයෙන් කලකිරීමෙන් ඉන්නේ නැතිව අපි සමාජය වෙනස් කරමු.. එදාට රටත් වෙනස් වේවි.. ❤️❤️❤️
අද කතාව…..
ඉතින් මම කිව්වනේ මම පිස්සෙක් කියලා.මම මගේ කාරෙක විකුනලා බහුතරයක් කියන විදිහට  ගත්ත පරණ ලඩියක්.. නමුත් පරණ බස් සංකීර්ණ නෑ ලෙඩක් උනත් මහා ලොකු දේවල් නෑ ඉතින් දෙයක් පටන් ගන්නවා නම් ලේසිම එහෙම.


ඉතින් අපි ඉස්සරහට අවුරුදු 10 ක් (දැනට බලාපොරොත්තුව ) බස් එක ඇතුලේ ගෙයක් හදන් ඉන්නව කියලා තීරණය කලා බිරිඳ එක්ක.මට ජීවත් වෙන්න අමාරුයි එක තැනක ගෙයක් හදන් උදේ හවස තවත් එක තැනකට ගිහින් එන ජීවිතයකට.නමුත් ඒක තීරණය වෙන්නේ අපේ ඇතුලෙන් එන ආසාව එක්ක.අපේ පිස්සුව එක්ක.නමුත් මම ඒ එන පිස්සුව එක්ක ජීවත් වෙන්න , යන්න හිතුව.


මම නම් කියන්නේ අපි හැමෝම අපේ ඇතුලේ තියෙන පිස්සුව එක්කයි යන්නෝනේ.
ඉතින් ඉස්සරහට මොන මොන ප්‍රශ්න ඒවිද දන්නෑ.ඒත් ඒකට ඒදේ කරලා බලන්න ඕනේ තව ඕනේ තරම් ඉන්නවා ඔය පිස්සුව තියෙන ඉතින් ඉස්සරහට එහෙම අයත් බය නැතිව එලියට එන්න කියල ආරාධනා කරනවා.මම මගේ කතාව ඉස්සරහට අවුරුදු 10 ම (මැරුනේ නැත්නම් සහ දැනට අදහස අවුරුදු 10 නමුත් වැඩිවෙන්න් පුලුවන් අඩු වෙන්නෑ 😁)  මම මට පුලුවන් විදිහට දන්න කියන හැම සමාජ මාධ්‍යකම බෙදා ගන්නවා.මගේ බලාපොරොත්තුව ආසාව පස්සේ යන මිනිසුන් බිහිවේවා( මේකම  නෙවේ තමන් ඇතුලේ තියෙන පිස්සුව ඇතුලේ ඉන්න ඇත්තම මිනිහා )


ඉතින් අද වෙනකොට මම අහන්න පුලුවන් ගොඩක් කතා අහනවා.. 😁 කෙනෙක්ට වැඩේ අතෑරලා දාල රස්සාවක් කරන්න හිතෙන්නම අහනවා.. 😁 ඒත් මම අදාල නෑනේ. 😁


ඉතින් ඔන්න මාචිව හදන්න පටන් අරන් තියෙන්නේ .අද වෙනකොට තත්වය නම් මම හොඳනැති වඩුවෙක් වගේ වැඩ.. ගෙදරින් බනිනව මුළු ගේම විනාසයි කියල ඇයි හැමතැනම ලී කුඩු කොටින්ම මගේ ඇඳේත් ලීකුඩු සුවඳයි.. 😁😁 කමක් නෑ. තව ටික දවසනේ කියල shape කරන් ඉන්නේ..
මාචි ඇතිල වියදමත් ටිකක් අඩුවට ලස්සනට කරනවා නම් කරන්න තියෙන හොඳම විදිහ තමා pallet වලින් කරන එක.. මේ අදහස දුන්නේ Sameera Sri Craft අයියා.. ❤️


ඒ වගේම dylan අයියා – ( රෝද උඩ ජීවිතේ ) කොයිතරම් වැඩ තිබුනත් ගැටලුවක් ඇහුවම දැක්ක ගමන් පිළිතුරු දෙනවා (මම ගැන මොකුත් දන්නේත් නැතිවම ) ❤️❤️❤️
මම ගත්තේ tiles pallet – ,ලංකා ටයිල්ස් එකෙන්. එකක් රුපියල් 250 ගානේ.. සාමාන්‍යයෙන් වඩුමඩුවකින් අපට වල් සපු වගේ ලීයක් වර්ග අඩිය රුපියල් 55 කට ගන්න පුලුවන් .නමුත් pallet වලින් කරද්දි මට යන්නේ වර්ග අඩිය රුපියල් 12.50 ක් වගේ.. ඉතින් මාරම ඉතිරී.අනික ලීයත් ටිකක් හොඳයි.. හැබැයි සමහර වෙලාවට pallet ගලවද්දි කැඩෙනව එවගේම ගුල්ලන් ගහපු ඒවත් අහුවෙනව. ඒ වගේ පොඩි අපතේ යාම් ටිකක් තියෙනවා ..
ඉතින් මම photo එක්ක කියන්නම්.මම කිව්ව වගේ ඉස්සරහට අවුරුදු 10 ම මම මේ විදිහට ලියනවා කරන හැම දෙයක්ම.. ❤️


ඔයාලගේ අදහස් චෝදනා හැමදේම කියන්න..
මීලඟ ලිපියකින් ආයේ හමුවෙමු.. ❤️❤️❤️

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles