spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

රං ඇල්ල – පොතුපිටිය, කලවාන

සටහන – චමල් කණිශ්ක

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොතුපිටිය නගරයේ සිට දෙනවක කන්ද මාර්ගයේ 6km පමණ ඉතා දුෂ්කර ගමනකින් පසු මෙම ස්ථානයට ලගා වීමට හැක.

ගමන් කරන්නේනම් මෝටර් බයිසිකලයකින් හෝ 4 x 4 මෝටර් රථයකින් ගමන් කිරීම සුදුසුයි. මාර්ගයේ අවසානය තෙක් ගොස් එතැන් සිට 100m පමණ පයින් ගමන් කිරීමෙන් පසු ⁣සිංහරාජ රක්ෂිතයට මායිම්ව ඝණ වනාන්තරය මැදින් කඩා හැලෙන මේම අප්‍රකට රං ඇල්ල නැරඹිය හැක. මේම ප්‍රදේශයට වර්ෂාව අවුරුද්ද පුරාවටම ලැබෙන නිසා වර්ෂය පුරාම අලංකාල දිය ඇල්ලක් නැරඹිය හැක.

මාර්ගය අවසන් වන තැන සිට පිටුපසට 200m පමන ආපසු පැමිණි පසු තේ වත්තකට මායිම්ව ඇති අඩි පාරක් දිගේ 200m පමණ පහලට බැසිමෙන් පසු තවත් කුඩා ප්‍රමාණයේ දිය ඇලි රාෂියක් නැරඹිය හැක. අවුරුද්දේ ඇතැම් කාල වල සිංහරාජ වනාන්තරයේ ජීවත් වන අවසන් අලින් දෙදෙනා මේම ප්‍රදේශයේ සැරිසරන බැවින් ගමන් කිරීමේදි ඒ පිලිබල සැලකිළිමත් විය යුතුයි.

රං ඇල්ල ඔස්සේ ගලා හැලෙන නොයිදුල් දිය කද පහල පිහිටි ගම්මාන වල පාණිය ජල අවශ්‍යතාවය සපුරන බැවින් එහි පිරිසිදු බව රෑකීම සහා අවට පරිසරයේ සුන්දරත්වය රැකෙන පරිදි දිය ඇල්ල නරඹා පැමිණිම අප සැමගේ වගකීමක් වේ.

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles