spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

මාපාකඩ වැව් ඉවුරේ සුන්දර නවාතැන – මාපාකඩ විලේජ්

මහියංගනේ කිව්වම හිතේ මැවෙන්නෙ ශුශ්ක පලාතක් , ඒත් ඒ අදහස වෙනස් වෙනව ඇත්තටම මහියංගනේ ගියාම . මධ්‍යම කඳුකරය ඉවර වෙලා නැගෙනහිර අඩ තැන්න පටන්න ගන්නෙ මහියංගනයෙන් , මේ නිසා මධ්‍යම කඳුකරයේ නැගෙනහිරට වෙනන් තියෙන දුම්බර කඳු වළල්ලේ දර්ශණයත් මහියංගනේට හොඳට පේනවා , ඉතින් මේ මහියංගනයේ ඉඳන් බිබිල පාරේ යද්දි තියෙන සුන්දර වැව් ඉවුරක තියෙන මණරම් හෝටලයක් තමයි මේ මාපාකඩ විලේජ් කියන්නෙ ,

මාපාකඩ වැව මහවැලි ගඟේ ඇලකිනුයි අහස් ජලයෙනුයි තමයි පෝශණය වෙන්නෙ , මේ වැවේ වතුර ඉතාමත් පිරිසිඳුයි , ඒක තහවුරු කරගන්න ලැබුනා අපිට ඩ්‍රෝන ඡායාරූප පරීක්ශා කරද්දි , වැව් පතුල පවා උඩු ගුවනට දිස් වෙනවා , මේ සුන්දර පරිසරයේ වැවු ඉවුරක පිහිටල තියෙන මාපාකඩ විලේජ්හි සුවපහසු කාමර ගණනාවක් තිබෙනවා වැවේ සුන්දර දර්ශණය ඇතුලත්ව

මාපාකඩ විලේජ් එකේ අවන්හල් දෙකක් තියෙනවා  , ඒකෙන් වැව ආසන්නයේ පිහිටල තිබෙන වැව අද්දර අවන්හල ඔබට වැවේ දර්ශනය එක්ක ප්‍රණීත ආහාර වේලක රස වින්දනය දෙගුණ තෙගුණ කරයි , උදේට ගමේ කෑම වේලක රස බලන්න වගේම සවස් යාමයේ වැව සිපගෙන එන සුලං රැල්ලක මිහිර විඳගනන් ගමන් සුප් එකක් වගේ බොන්නත් මෙතන නියමයි .

මාපාකඩ එකේ ෆැමිලි රූම් වෙනකන්ම ඔබට සපයාගනන් පුලුවන් ,කේබල් ටීවී , වායුසමීකරණ පහසුකම් වගේම , උණුවතුර හා අනිකුත් අත්‍යවශ්‍ය පහසුම්කක් වියල්ලම හැම කාමරයකම සපයල දීලා තියෙනවා ,

මාපාකඩ විලේජ් එකේ පූල් එක ටිකක් දුරුඉන් බැලුවොත් වැවත් එක්කම වගේ පේන්නෙ , ඒ හැන්දෑ කළුවර වැටෙන කොට පූල් එකේත් වැවෙත් වතුර දෙකම ගුරු පට වෙලා අමුතුම සුන්දරත්වයක් මවනවා ,

මාපාකඩ විලේජ් එකෙන් ඔබට අවශය නම් ගමේ සවාරියක්  යනන් ,  නැතිනම් බෝට්ටු සවාරියක් යන්න , බෝට්ටු සවාරිය කිව්වම මේ වැවේ මෝටර් බෝට්ටු පාවිච්චි කරනන් බෑ , ඒ නිසා සංචාරකයන් වෙනුවෙන් හොඳට සකස් කරපු ඔරුවක් තියෙනව , ඒක ඉතාමටහ් ආශ්වාදජනක ඉසව්වක් වෙනවාට කිසිඅම සැකයක් නෑ .

අවසාන වශයෙන් , ඔබට පවුලේ සවාරිඅයකට වගේම යාලුවො පිරිසක් එක්ක ගිහින් දවස් කිහි[අයක් ඉඳල එන්නත් නියම තැනක් . ඇතටහ්ටම ඔබ කොලඹ හරි ටිකක් දුරක ඉඳල යනවානම් අවම දවස් දෙකක්වත් මහියංගනයේ ගත කරන්න අමතක කරන්න එපා .

යන්න කලින් පහටහ් වෙබ් අඩවියෙන් හරි , දුරකථන අංකයෙන් හරි කතා කරල දවසක් වෙන් කරවාගෙනම යනන් අමතක කරනන් එපා .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles