spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

රාවණා නිදි යහනට වැටුනු යහන්ගල

දුම්බර මිටියාවත ඒම  නැත්තම් නකල්ස් අඩවිය අද වන විට බොහො සංචාරකයන් ,විශේෂයෙන් කදු නගින්නන් අතර ප්‍රසිද්ධ තෝතැන්නකී…මනරම් කදු දියඇලි හා පතන භූමී වලින් සපිරුනු දුම්බර මිටියාවතේ කදු වැටින් බොහො කදු නගින්නන් අතර ප්‍රිසිද්ධයිනේ…නකලස් කදු පහ.හුන්නස්ගිරි ,ගොම්බානිය,ලකේගල බොහො කදු නගින්නන් අතර ප්‍රසිද්ධ කදු වනවා….ඒ අතරේ තවත් අමතක කල නොහැකි කන්දක් වෙනවා…..ගලේ බණ්ඩාර දෙවියන්ගේ අඩවියේ පිහිටි රාවණා නිදාසිටිනා යහන හෙවත් යහන්ගල ……අද මේ ලිපිය  යහන්ගල පිලිබදවයී

**යහන්ගල

දුම්බර මිටියාවතේ ගිණිකොණ සීමාවේ ගලේ බණ්ඩාර දේව අඩවිය පිහිටි පෙනුමෙන් යහනක්ට සමාන යහන්ගල වෙලන්ගොල්ල පතන තුළ නැගී තිබෙන කන්දක් වෙනවා….වෙලන්ගොල්ල පතන පවා මීටර් 1100ක් පමණ උසකින් පිහිටි කන්දක තැන්පත් වන අතර එහි එක් කොනක යහන්ගල නම් පර්වත රාජයා නැගී සිටිනවා. උඩුදුම්බර ප්‍රාදේශීය සභාව මගින් යහන්ගල සංවරණ ස්ථානයක් ලෙස නාම පුවරු සවි කොට ඇති නිසා ගමන් මාර්ගය හඳුනා ගැනීමට අපහසු නෑ…

යහන්ගලේ ඉතිහාසය

යහන්ගල පවතින ජනප්‍රවාදයට අනුව එහි ගලේ බණ්ඩාර දෙවියෝ වැඩ සිටනවා.. උඩබකාව ගමට අවශ්‍ය ආයුද බලා දුන් ගලේ බණ්ඩාර දෙවියෝ කුඹුරු ගොවිතැන සශ්‍රීක කිරීමට උපකාර කරන කරන බවට විශ්වාසයක් පවතිනවා… යහන්ගල ගැන ඇති තවත් ජනප්‍රවාදය නම් යහන් ගල තුළ රාවනා රජුගේ සිහි මුර්ජා වූ සිරුර තැන්පත් කර ඇති බවයි. රාම රාවණා යුද්ධය ලකේගල හා රැහැස්ස අතර පැවතුණ නිසා රාවණා රජුගේ දේහය යහන්ගල ඇතුළේ තැන්පත් කර ඇතැයි ලෙස උපකල්පනය කරනවා….වචනයේ අර්ථයෙන්ම යහන්ගල යනු නිදන ඇඳක් ලෙස දුර තියා පැහැදිලිව දැක ගත හැකි කන්දක් වෙනවා..

ගමන් මාර්ගය

 නුවර සිට මහියංගණය පාරෙ උඩුදුම්බරට පැමිණ එතැනින් කඩගල පාරේ ​කෙළවරටම පැමිණි  මාර්ගය අවසන් වන කෙළවරේ වන පියස ආරම්භ වන අතර සියල්ලෝම උඩක්කාව දෙසට ගමන් කරන එම වනගත අඩි පාරේ ගමන ආරම්භ කල යුතුවෙනවා.

කැලෑ වර්ග ක්‍රමයෙන් අඩි 4 ක් පමණ මාර්ගයක් වන අතර මාර්ගය දෙකට බෙදෙන ස්ථානයක දී වම් පස මාර්ගය තෝරා ගෙන ඉන් පසු වන කැලය මැදින් පීරාගෙන ගොස් අප නැවතත් වෙලන්ගොල්ල පතනට ගමන් කර පැමිනිය හැකියී….

පතනේ දැවැන්තයෝ

ඉතා අලංකාර විශාල වූ පතනේ වල් අලින් බොහොවිට සැරිසරනවා… මෙහි වන අලි එකොළොස් දෙනෙක් පමණ වෙලන්ගොල්ල පතන තුළ සැරිසරනු දුටු බව ප්‍රදේශවාසීන්  පවසනවා .

වෙලන්ගොල්ල පතන සිට යහන්ගල දක්වා යන ගමන අතර තුර අලි වසුරු විටෙන් විට දැකගන්නට පුලුවන්..ඒ ඔවුන් කොතරම් කදු නගින්න දක්ෂයන් දැයි පෙන්වන්නට සාධක වෙනවා

වෙලන්ගොල්ල පතන

 මෙම වෙලන්ගොල්ල පතන යනු පිටවල පතනට පමණක් දෙවැනි වන ඉතාමත් ලස්සන පතනක් වෙනවා…. මාන පඳුරු යාය විසින් මුළු පතනම වසා ගෙන සිටින අතර ස්ථාන කිහිපයක එක පොකුරට ඇති  පයිනස් ගස් කිහිපයක හැරුණු විට සමස්ත පතනම විවෘත ප්‍රදේශයක් වෙනවා.

වෙලන්ගොල්ල පතන අතිශය අලංකාර වන අතර ඒ මත එහා කෙළවරේ නැගී සිටි යහන්ගල පර්වත රාජයා ඇති දැවැන්ත විය. එය තුළ ගාම්භීර බවක් සේම තේජාන්විත බවක් ද දක්නට ලැබෙනවා

වෙලන්ගොල්ල පතනේ සිට යහන්ගලට

පතනේ සිට වම් පසට ගමන් කළ හොත් පොළවට සමාන්තරව යහන්ගලේ වම් පාදමට ළඟා විය හැකි අතර, දකුණු පසට ගමන් කරතොත් මීටර් ගණනක් දුරට පේන පතන තුළ ඇවිද යා හැකියී.

ඉදිරියේ ඇති මාන පඳුරු යාය මැදින් කිලෝ මීටර් 2 ක් පමණ දුරක් යා යුතු වන අතර අඩි 8 ක් පමණ උසට වැඩුණු මාන පඳුරු අතරින් ගමන් කිරීම අතිෂය දුෂ්කර වෙනවා. යහන්ගල  කන්දේ පාමුලේ සිට දකුණු පසට යත්ම ඉහළට යා හැකි මාර්ගයක් දැක ගත හැකියී…

නමුත් එම මග තියුණු බෑවුමක් වන අතර මෙම කොටස අතිශය අවදානම් වෙනවා..

යහන්ගල කදු මුදුනේ සිට දර්ශනය

යහන්ගල පර්වතය උඩ ඉහළ කොටස අක්කර දෙක තුනක් පමණ ප්‍රද්ශයක් වන දෙපැත්තකට යා හැකි අතර මුළු කන්දම ගුවනට විවෘත ප්‍රදේශයක් වෙනවා….එහි මුදුනේ  කිසිඳු ජල උල්පතක් හෝ උස් ගසක් නැහැ.. නමුත් කැඩී ගිය ගල් පර්වත කැබලි තැනින් තැන ඇති අතර එයට හේතුව  පර්වතය උඩට දැඩි ලෙස අකුණු වදින නිසාවෙනියී..

පසෙකින් අසල් වැසීව ඇති කෙහෙල්පොත් දෙරුවේ ගල ඉතාමත් අලංකාර ලෙස දක්නට ලැබුණු අතර මීමුරේ ලකේගල, ගැරඬිගල, මැද මහනුවර කන්ද, දුම්බානා ගල වැනි කඳු ද උඩගල් දෙබොක්ක, උඩත්තාව වැනි ගම්මාන ද දක්නට පුලුවන් … පැහැදිලි දිනක නම්   කිලෝ මීටර් ගණනක් දුරට ඇදෙන මහියංගණය සිට දෙහිඅත්තකණ්ඩියට ගලායන මහවැලි ගංගාව ද රත්කින්ද උල්හිටිය ජලාශ හා සොරබොර වැව දක්වාද අපුරුවට දැකගන්න පුලුවන් ……

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles