spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

සුන්දර ඇල්ලේ ඔබ යා යුතුම තැන් 8ක් – places to visit in ella

ඇල්ල කියන්නෙ ලෝක ප්‍රසිද්ධ සංචාරක නගරයක් , ලංකාවේ පිරිසිඳුම වාතය තියෙන ප්‍රදේශයක් කියලත් කියනව , ඒ නිසා දේශීය වගේම විදේශීය සංචාරකයන් ඇල්ල කරා ඇදෙනව , ඇල්ලේ සංචාරය කරන ඔබට මගනොහැර යායුතු ස්ථාන අටක් ගැන කරන කෙටි සටහනක් මේ .

(08) පුංචි ශ්‍රී පාදය

පුංචි ශ්‍රී පාදය කියන්නෙ ඇල්ලෙ තියෙන ප්‍රසිද්ධම සංචාරක ස්ථානතුනෙන් එකක්, ඇල්ල කියන්නෙ භූ විශමතාවය අතින් ගත්තොත් කපොල්ලක් , ඇල්ල කපොල්ලට ඉතාම පහසුවෙන් ලංකාවේ දකුණු හා ගිණිකොනදිග දිශාවල අඩතැන්න දක්වා බලාගන්න පුලුවන් . ඒ වගේම ඇල්ල කන්ද , රාවණා ඇල්ල , ඇල්ල වැල්ලවාය පාර පැහැදිලිව බලාගන්න පුලුවන් . මේ ස්ථානයට ජනශ්‍රැති වගේම , අතීත කතාපුවත් බැඳී තිබෙනවා , මේ සම්බන්ධ වැඩි විස්තර අපි ඉදිරියේදී විශේශයෙන් ගෙන එන ලිපියක සඳහන් කරන්නම් . මෙතනට යනවනන්ම් ඇල්ල හංදියෙන් ඇල්ල පස්සර පාරෙඇවිත් 3 වෙනි සැතපුම් කණුව ගාවින් වමට තියෙන පාරෙ ගිහිල්ල ලඟා වෙන්න පුලුවන් . පැහැදිලි දවසක සුන්දර දර්ශණයක් දැකබලාගන්නත් ඔබට පුලුවන් , මුලු කඳුවැටියම නියමම ෆෝටෝ ලොකේශන් එකක් , ඒක නිසා ඇති වෙන්න පින්තූර ගන්න පුලුවන් තැනක් තමයි ඇල්ල පුංචි සිරී පාදය .

(07) රාවණා ගුහාව

ඇල්ල වැල්ලවාය පාරෙ ඇල්ල ඉඳල වැල්ලවාය පැත්තට යද්දි ආසන්න වදයෙන් කිලෝ මීටර 2ක් පමණ යද්දි හම්බුවෙන පාලමත් එක්කම තියෙන පාරෙන් දකුණට තියෙන පාරෙන් ගිහින් තමයි රාවණා ගුහාවට යන්න තියෙන්නෙ , පාරෙ ගහලම තියෙනව රාවාණා ඇල්ල පන්සල පාරෙ කියල , පඩි 600ක් විතර නැගල තමයි ගුහාවට ලඟා වෙන්න තියෙන්නෙ , මධ්‍යම ප්‍රමාණයේ ගුහාවක් වෙන මේක රාවණා කතා පුවටට සම්බන්ධයි කියත් කියනව , ගුහාවේ ඉඳල පුංචි ශ්‍රී පදය පස්බිමින් තියාගෙන පින්තූරයක් ගන්නත් අමතක කරන්න එපා මෙතනට යනවානම් .

(06) දෙමෝදර රේල් ගැටය

දෙමෝදර රේල් ගැටය සරලව හඳුන්වනවානම් මෙතනදි වෙන්නෙ රේල්පාර යම් දුරක් ගමන් කරල වංගුවක් අරන් ඇවිත් ආපහු ඒ තැනින්ම පොලව යටින් තියෙන බිම් ගේකින් ගමන් කරන එක . මේ තැන තමයි දෙමෝදර දුම් රිඅ ස්ථානය . මේක හරියමට බලන්නන් වෙන උස් තැනක ඉඳල බලන් ඉන්න ඕනෙ , එහෙම නැත්තන් කෝච්චියක් එන වෙලාවට දෙමෝදර දුම් රිය ස්ථානයට ඇවිල්ල හිටියනන් හරි . ඔබ ඉන්දිරියෙන් ගමන් ගන්නා දුම් රිය සුලු මොහොතකින් ඔබේ දෙපා වලට පහලින් තියෙන බිම් ගේකට ඇතුලු වෙන අපූරු දර්ශණය ඔබට අත්දකින්න පුලුවන් .

(5) දෝව රජමහා විහාරය

වලගම්බා රජ සමයටත් ඇතැමුන් පවසන ලෙස රාවණ යුගයටත් අයිතියි කියල කියනව . මහනුවර යුගයට අයිති චිත්‍ර සම්ප්‍රදායට අනුකූලව ඇඳපු චිත්‍ර වගේම , ශෛලමය ස්ථූපත් පවතින මෙයින් ආරම්භ වන බිම් ගෙයක් බොහේ දුරකට විහිදී යන බවත් , වලගම්භා රජතුමා සැඟවී සිටි ස්ථානයක් බවත් කියවෙනවා ඇල්ලේ ඉඳල කුඹල්වෙල පාර හරහා බදුලු පාරේ හපුතලේ දෙසට කුඹල්වෙල ඉඳල කිලෝමීටර 2.5 පමණ යනකොට පාරෙ වම් පැත්තෙ විහාරය දැකබලා ගන්න පුලුවන් .

(4) කිතල් ඇල්ල

මේක දැන් කාලෙකට විතරයි සක්‍රීය වෙන්නෙ , ඒ කියන්නෙ සීසනල් ෆෝල් එකක් . ඒ කුඩා වතුර පාරක් අවුරුද්ද පුරාවටම ඇදහැලෙනව , මේ ඇල්ලට නිශ්චිත බලන්න පුලුවන් තැනක් නෑ , පුලුවන් ගොඩක් තැන් පුද්ගලික ඉඩම් , නමුත් ඇල්ල වැල්ලවාය පාරටත් කිතල් ඇල්ල පාරටත් මේ ඇල්ල බලාගන්න පුලුවන් කම තියෙනව , ඒ හැරෙන්නට ඇල්ල රොක් යන අය ස්ටේශන් එක ලඟින් යන පුංචිවතුරපාරෙන් තමයි මේ දියඇල්ල ණිර්මාණය වෙන්නෙ . කැමති අයට ඒ වතුර පාර හරහා ගිහින් ඇල්ලෙ උඩට යන්න පුලුවන් , ආසන්න වශයෙන් මීටර 15ක් විතර මේ ඇල්ලෙ හරිම ලස්සන බලන්න නම් වැස්ස කාලෙක ඇල්ල යන්න ඕනෙ .

(3) ඇල්ල රොක් ( ඇල්ල කන්ද )

කිතල් ඇල්ල දුම් රිය ස්ථානය අසලින් පටන් ගන්නා පිය මංපෙතෙන් ගමන් ආරම්භ කරමින් ෆයිනස් වනාන්තරයක් හරහා ගමන් කොට ඇල්ල කන්ද වෙත ඔබට ගමන් කරන්න පුලුවන් , පුංචි ශ්‍රී පාදයට මුහුණලා තමයි ඇල්ල කන්දෙ විව් පොයින්ට් ඔක්කොම තියෙන්නෙ , ඇල්ල රොක් එකේ පැහැදිලි දවසකට ක්ශිතිජය වෙනකන් බොහෝ දුරක් බලාගන්න පුලුවන් . පැය දෙකක ඉඳල 3-4 ක කාලයක් ගතවෙන හයික් එකක් තමයි ඇල්ල හයික් එක , තියෙන ලස්සන වීව් එකත් අවධානම අඩු වීමත් ,නිසා මේක ලෝකප්‍රසිද්ධ කඳු තරණයක් මේ වෙනකොට .

(2) රාවණා ඇල්ල [බඹරගම ඇල්ල]

රාවණා කියලහැඳින්වූවාට මේකෙ ඇත්ත නම බඹරගම ඇල්ල කියලත් සමහරු කියනව , මීටර 30 ක් පමණ උසින් ඇදහැලෙන රාවණා ඇල්ලටම වෙනම ඇල්ල බලන්න තැනක් ණිර්මාණය කරල තියෙනව . ඇල්ල බලන්නන් ඇල්ල වැල්ලවාය පාරෙ වැල්ලවාය පැත්තට යනකොට දකුණු පැත්තෙ පාලමත් එක්ක දැකබලාගන්න පුලුවන් . වැස්සත් එක්ක ඉතාම ප්‍රචණ්ඩ වෙන රාවණා ඇල්ල බොරපාට වතුර එක්ක ඉතාම වේගයෙන් පහලට ගලගෙන යනව බලාගන්න පුලුවන් .

(01) ආරුක්කු නවය පාලම

ඇල්ලෙ තියෙන ජනප්‍රියම තැන කියන්නත් පුලුවන් , දෙමෝදරත් ඇල්ලත් අතර පිහිටල්;අ තියෙන කුඩා කඳුගැට දෙක යා කරමින් ණිර්මාණය කරල තියෙන දුම් රිය පාලමක් තමයි ආඅරුක්කු නවය පාලම කියන්නෙ . අහස් නවයේ පාලම කියලත් සමහරු මේක හඳුන්වනවා . බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ ස්ථානයෙන් දුම් රිය ගමන් කරවීමට මාර්ගයක් සාදාගැනීමට නොහැකිව ඉන්න විට සිංහල කෙනෙකු විසින් මේ පාලම සෑදීමේ අහියෝගය බාරගෙන අවසන් කල බවත් පැවසෙනව , ප්‍රසිද්ධම ෆෝටෝ ලොකේශන් එකක් වෙන ආරුක්කු නවය පාලම , දැන් නම් විදේශීයවගේම දේශීය සංචාරකයන් අතරත් බොහොම ප්‍රසිද්ඩ්ධයි . ඇල්ල පස්සර පාරේ මීටර හයසීයක් පමණ ගිහිල්ල වම් අත පැත්තෙ ආරුක්කු නවය පාලම පාරට හැරිල ගියාම පාලමට ලඟා වෙන්න පුලුවන්, නමුත් බොහොමයක් දෙනා රේල් පාර ඔස්සේම ගිහිල්ල්ල පාලමය යන්න පුරුදු වෙලා ඉන්නව , ඒකත් පරිසරය විඳින ගමන් පාලමට ලඟා වෙන්න පහසුම ක්‍රමයක් . නමුත් ඒක නීතිමය පැත්තෙන් ගත්තොත් නම් නීති විරෝධී වැඩක් ,

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles