spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

කිරිවැල්හින්න දිය ඇල්ල

නුවර එලිය දිස්ත්‍රික්ක මායිමේ කැලණි ගඟට වැටෙන කුඩා ඔය පහරකින් සෑදෙන සෑදෙන දියඇල්ලක් තමයි කිරිවැල්හින්න දිය ඇල්ල . බොහෝ දෙනෙකුගේ දර්ශනයෙන් සැඟවී තිබෙන මේ අප්‍රසිද්ද දියඇල්ල තට්ටු කිහිපයකින් යුක්ත අතර , දියඇල්ල ඇදහැලීමෙන් පසු වැඩි දුරක් නොගොසින් කැලනි ගඟට එක් වීම සිදු වනවා .

කිරිවැල්හින්න දියඇල්ල පිහිටා තිබෙන්නේ මොරගහහේන කිරිවැල්හින්න ප්‍රදේශයේ වන අතර එය කරා යෑමට මොරගහහේන හන්දියෙන් කිරිවැල්හින්න පාරේ ගමන් කල යුතු වනවා . කිරිවැල්හින්න ගූගල් සිතියමේ ලකුණු කර ඇති මුත් ඒ කරා යාමට එහි මාර්ගෝපදේශන ලබාගැනීම ඔබව අපහසුතාවයකට පත් කරව්නු ඇති .

දියඇල්ල තට්ටු කිහිපයකින් යුතු අතර . දියඇල්ල ඇදහැලීමෙන් පසු අඩි කිහිපයක් පලල පාලමක් යටින් දිය පහර ගමන් කරන අතර එය මත සිට දියඇල්ලේ පහල කොටස නැරඹිය හැක අඩි 15 පමණ වන පහල කොටස වඩාත් පලල වන අතර ඉහල කොටස අඩි 20ක් පමණ වනවා .

වියලි කාලයේදී ජල ප්‍රමාණය ඉතා අඩු වන අතර . මෙය කැලනි ගඟේ අතු ගංගාවකින් පෝශණය වනවා .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles