spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ගමනාන්තයක් විදිහට අප්‍රසිද්ධ සුන්දර ඉදල්ගස්ඉන්න

ගමනාන්තයක් විදිහට අප්‍රසිද්ධ සුන්දර ඉදල්ගස්ඉන්න

ඉදල්ගස්ඉන්න කියන්නෙ ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන ඉතාම කුඩා ගම්මානයක් . මේ ගම්මානයට යන්න එන්න තියෙන එකම පොදු ප්‍රවාහන මාර්ගය දුම්රිය විතරයි , ඒ නිසා තරමක් දුරකට හුදකලා වුන ගම්මානයක් .

මධ්‍යම කඳුකරයේ දකුණුදිග සීමාවෙ පිහිටල තිබෙන නිසා පහත රට මුහුදු සුලන් හා මධ්‍යම කඳුකරයේ ජලවාශ්ප නිතර මුනගැසෙන වගේම ක්ශණිකව කාලගුණය වෙනස්වන ස්ථානයක් තමයි ඉදල්ගස්ඉන්න . ඉදල්ගස්ඉන්නේ උන්නතංශය ගත්තොත් ආසන්න වශයෙන් මීටර 1600කට වඩා උසින් පිහිටා ඇති අතර , උඩරට වියලි හා තෙත් කලාපීය ලක්ශණ දෙකම පෙන්නුම් කෙරෙනවා ,

සාමාන්‍ය මිලි මී 250 ක පමන වර්ශාපතනයක්ද සෙල්සියස් අන්ශක 20-25 ත් අතර උශ්ණත්වයක්ද මේ ප්‍රදේශයේ අවුරුද්ද පුරා දැකගන්න පුලුවන් .

සංචාරක ගමනාන්තයක් විදිහට ඉදල්ගස්ඉන්න

ඉදල්ගස් ඉන්න කියන්නෙ ක්‍රියාකාරකම් බොහොමයක් කරනන් පුලුවන් , ස්ථාන කිහිපයකටම යන්න පුලුවන් ගමනාන්තයක් ,

මේවා පිලිවලින් ගත්තොත්

ඉදල්ගස්ඉන්න කන්ද තරණය
ඉදල්ගස්ඉන්න – ඔහිය අතර පිහිටා ඇති උමං පසු කරමින් රේල් පාරට සමාන්තරව ඇවිද යාම
ඉදල්ගස්ඉන්න ඉඳන් හල්දුමුල්ලට ඇති පරිසර චාරිකාව
ඉදල්ගස්ඉන්න දුම් රිය ස්ථානය
ඉදල්ගස්ඉන්න දුම්‍රිය ස්ථානයට පහතින් ඇති ගල් ගුහාව නැරඹීම

ඉදල්ගස්ඉන්න කන්ද

ඉදල් ගස් ඉන්න කන්ද ලෙස හඳුන්වන්නේ ඉදල් ගස් ඉන්න දුම් රිය ස්ථානය ඉදිරියෙන් ඔහිය දෙසට වන්නට පිහිටා තිබෙන කඳු මුදුනටයි . පැයක් පමණ කාලයකින් කන්ද මුදුනට ලඟා විය හැකි අතර හපුතලේ සානුව ඉතා පැහැදිලිව දැකගත හැකියි . ඈතින් සබරගමු කඳු හා ගොම්බානිය , බලතුඩුව වැනි කඳුද ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකෙන බබරකන්ද දිය ඇල්ලත් ඉදල් ගස් ඉන්න කඳු මුදුනට දැකගන්න පුලුවන් . මේ සඬ්හ්දා වන සංරක්ශණ දෙපාර්තමේන්තුවේ අවසර ලබාගත යුතුයි .

ඔහිය – ඉදල්ගස්ඉන්න රේල් හයික්

දුම්රිය ස්ථාන දෙකක් අතර වැඩිම බිංගෙවල් පිහිටා ඇත්තේ ඔහිය හා ඉදල්ගස් ඉන්න අතරයි .සුන්දර වන ලැහැබ් අතරින් ඉතා සීමිත මිනිස් ජනාවාස මැදින් සීතල පරිසරයක ගමන් කරන මේ ගමන ඉතා ජනප්‍රිය දෙය . නමුත් මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතුයි .

ඉදල්ගස්ඉන්න හල්දුමුල්ල මාර්ගය

අතිශය සුන්දර සැන්නගවී ඇති මාර්ගයක් වන මෙය සමහරු කුඩා යකාගෙ පඩිපෙල ලෙසද හඳුන්වන අතර , මෙහි එක කොටසක් පිකෝ ට්‍රේල් එකටද ඇතුලත් වනවා .

ඉදල්ගස්ඉන්න දුම් රිය මාර්ගය

ඉදල් ගස් ඉන්න දුම් රිය ස්ථානය . ඉදල් ගස් ඉන්න දුම් රිය ස්ථානය 1863 දී ඉදි කර ඇති අතර , එහි වහලයේ ඉදිරිපසින් වැටෙන ජලය මහවැලි ගඟටත් ,පිටුපස වහලයෙන් වැටෙන ජලය වලවේ ගන්නගටත් එකතු වන බව ප්‍රකාශ වේ .

ඉදල්ගස්ඉන්න ගල් ගුහාව

ඉදල්ගස්ඉන්න දුම් රිඅ ස්ථානයට පහතින් ඇති ස්ථානයක ගල් ගුහාවක් පිහිටා ඇති අතර එය ඉතා සුළු සංචාරකයන් පිරිසකගේ පමණක් නෙත ගැටෙන ස්ථානයකි

ඉදල්ගස්ඉන්න කුඩා ගම්මනයක් වුවත් එහි තානායම් කිහිපයක් ඇති අතර නවාතැන් පහසුකම්ද සපයාගත හැකියි .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles