spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

මීදුමෙන් වැසී යන කඳවුරු බිම – වැවතැන්න

වැවතැන්න පිහිආ ඇත්තේ මධ්‍යම පලාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මැදමහනුවරට ආසන්නයේයි . මැදමහනුවර සිට මහියන්ගනය දෙසට යන විට වැලමිට වන්ගුවක් සමඟ තිබෙනරජගල පාරේ කි මී 3ක් පමණ ගමන් කිරීමෙන් ඔබට වැවතැන්නට ලඟා වන්න පුලුවන් . මෙහි මුදුනේ කුඩා ජලාශයක්ද ඇති අතර එහි වසර පුරා ජලය රැඳී තිබෙනවා . මෙම වැව හේතුවෙන් මෙයට වැවතැන්න ලෙස නම ලැබී තිබෙනවා

වැවතැන්න අතීතයේ තේ වගා කොට තිබූ සුන්දර භූමියක් වූ අතර පසුව එය අභාවයට ගොස් තිබුනා . මෙහි වතු බන්ගලාවක්ද පිහිටා තිබී ඇති අතර එය දකුනේ ක්‍රියාත්මක වූ ත්‍රස්ථවාදීන් පිරිසක් විසින් විනාද කොට තිබෙනවා , මෙහි ඒ කාලයේත් විශේශිකයෙකු වාසය කොට ඇති අතර මෙම සිදුවීමෙන් ඔහුට කිසිම හානියක් සිදු වී නැහැ, අදාල කණ්ඩායම විසින් ඔහුගෙන් කිහිප වතාවක් ඔහුගේ ගිණි අවිය ඔවුනට ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර ඔහු එය සිදු කොට නැහැ , මෙසේ කිශිප වතාවක් දැනුන් දීමෙන් පසු ඔවුන් බලය පාවිච්චි කොට බංගලාව වටලා ඇති අතර බංගලාවට ගිනි තැබීමට ක්‍රියා කොට තිබෙනවා . නමුත් මෙයට පෙර විදේශිකයා හා ඔහුගේ ගිණි අවිය මෙයින් පිරව ගොස් ඇටි ඇතර , මෙම සිදුවීමෙන් පසුව බංගලාව විනාශ වී තිබෙනවා , මෙම බංගලාවේ ශේශයන් තවමත් දකින්න පුලුවන් .

මේ වන විට වවතැන්නේ බාරකාරීත්වය රාජ්‍ය දැව සන්ස්ථාව සතුව පවතින අතර , එහි වුඩ්සයිඩ් වත්ත ලෙස මෙය පාලනය වන්වා . මෙහි මෙහෙයුම් හා පාලනය ඔවුන් විසින් කරන අතර එය බලා ගැනීම සඳා අයෙකු පත් කර තිබෙනවා . මෙහි ඇතුල්වීමේ ගාස්තුවක් ඇති අතර . කඳවුරු බැඳීමක් සිදු වනවානන් වෙනම ගාස්තුවක් අදාල වනවා .

මෙම කඳවුරු භූමියේ වැසිකිලියක් හා බීමට හා පරිබෝජනයට ජලය සපයා තිබෙනවා . එමෙන්ම කඳවුරු ඉදි කිරීම සඳහා ස්ථාන රාශියක්ද පිහිටා තිබෙනව . එමෙන්ම මෙහි ඡායාරූපකරණයට , ප්‍රී ශූට් , වැනි දේවලටද මෙම ස්ඨානය පාවිච්චි කරන්න පුලුවන් .

මෙහි වුඩ්සයිඩ් වතුයාය හරහා වැටී අති පාර අබලන් ත්ත්වයේ ඇති අතර , ඔබගේ වාහනය උස් වාහනයක් නොවේ නම් එහි යට බිම වැදීමේ හැකියාවක්ද පවතිනවා , එනිසා මේ ගමන සඳහා සුදුසු වාහනයක පැමිණීම වඩාත් සුදුසු වනවා .

මෙහි කඳවුරු උපකරණ සපයන්නේ නැති අතර ඒවා සංචාරකයන් විසින් සපයාගත යුතු වන්වා .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles