spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

කොලඹ ඉඳන් දවසින් ගිහින් බලලා එන්න පුලුවන් තැන් ටිකක් – ඩේ ට්‍රිප් එකකට අදහස් ටිකක්

මේ වෙද්දී බොහෝ දෙනෙක් අතර සංචාරය කියන දේ බොහෝ ජනප්‍රිය විනොදන්ශය්ක්නේ . සමහරෙක් දිනකට වැඩි ගමනක් දුර පළාතකට ගිහින් සංචාරය කරන කොට සමහරෙක් එක දවසක සංචාරයන් කරන්න කැමති .එක පදනම් වන්නේ එක එක සංචාරකයාගේ කැමැත්ත හා ආසාව එක්කනේ . මේ ලිපියෙන් මම අද කියන්නේ කොළඹ ඉදන් දවසක් ඇතුලත සංචාරය කරලා එන්න පුළුවන් ලස්සන තැන් කිහිපයක් ගැන ..

අම්බුළුවාව

          මේ වෙද්දී නම් මුහුණු පොත හරහා බොහොම ප්‍රසිදිධයට පත්වෙලා තියන අම්බුළුවාව නම් මේ වෙද්දී බොහෝ දෙනෙකුගේ බොහෝ දෙනෙකු යන තැනක් ,,දර්ශනීය කඳු මුදුනක සදා ඇති සර්පිලාකාර කුළුණක් වන මේ අම්බුලුව්වාව බහු ආගමික සස්කෘතික මධ්‍යස්ථානයක්.ගම්පොල නගරයට ඉහලින් අපුරුවට දක්නට තියෙන අම්බුළුවාවට පහල ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ස්ථානයේ සිට කිලෝමිටර් 2ක් පමණ ඉහලට වංගු සහිත මගක් ඔස්සේ ගමන් කල යුතුයි ….මෑත වකවානුවේ නම් බොහෝ දෙනෙකු අම්බුළුවාව වෙත යන අතර ඉතා ඉහල සංචාරක ධාරිතාවක් එහි දක්නට තිබෙනවා ,,,,,කොම වුවත් නිසි හික්මිමක් ඇති සංචාරකයෙකු ලෙස එහි සංචාරය කිරීම ඔබගේ යුතුකම වෙනවා ….

උඩවත්ත කැලේ

     කොලඹ ඉදන් එක දවසකින් සංචාරය කර හැකි අපුරුම තැනක් තමා උඩවත්ත කලේ ,,,පුජනිය මහනුවර නගරයේ දළදා මැදුරට ඉහලින් වූ වානන්තරය තමා මේ උඩවත්ත කලේ ,,එකල මහනුවර යුගයේ රජවරුන්ගේ වන උයන ලෙස නම් කරපු මේ උඩවත්ත කලේ ,,සංචාරය කරන්නට සුදුසු තෝතැන්නක් ..තුරුලතා වලින් වටවූ විවේකි සුවයෙන් සිටින්නට හැකි උඩවත්ත කලේ කුරුල්ලන්ගේ ගී නාදයත් ඔබට අසන්නට පුළුවන් ,,,,උදැසනම කොළඹ සිට පැමිණෙන්නේ නම් පිලිවෙලින් බහිරව කන්ද , දළදා මාලිගාව වන්දනා කොට අවසානයේ විවෙකිව මොහොතක් ගත කරන්නට මේ උඩවත්ත කලේ නම් බොහොම සුදුසුයි ….

බෝපත් ඇල්ල

දියඇලි වලට ආදරේ කරන සංචාරකයන්ට කොළඹ සිට දිනකින් දැකගන්න පුළුවන් අපුරුම දිය ඇල්ලක් තමා මේ බෝපත් ඇල්ල..රත්නපුර කුරුවිට පිහිටා ඇති මීටර් 60ක් උස බෝ කොලයක හැඩයට ඇති මේ ඇල්ල දේශීය සංචාරකයන් අතර බොහෝ ප්‍රසිද්ධ දිය ඇල්ලක් වෙනවා ……සුන්දර දර්ශනීය වටපිටාවක් මැද පිහිටා ඇති මේ ඇල්ල සුන්දර වුවත් එහි දිය නැමේදී නම් තරමක් අවධානයෙන් සිටිය යුතුමයි ,මොකද මෙහි ජල දහරාව විටෙක දරුණු වන නිසයි ,,,බොහෝ සංචාරකයන් මෙහි පැමිනිම නිසා බෝපත් ඇල්ල අවට වටපිටාව නම් දැන් තරමක් අපවිත්‍ර වී තිබෙනවා ,,,ඒ නිසාම විධිමත් සංචාරකයන් ලෙස බෝපත් ඇල්ලට ගොස් එහි අසිරිය විදීම ඔබගේ යුතුකමක් වෙනවා ….

ඕලු ඇල්ල

ලංකාවේ දියඇලි අතරින් පස්වන තැන ගන්නා ඔලු ඇල්ල පිහිටා තියෙන්නේ ,යටියන්තොට අම්නාවෙල පාරේ ,,,කොළඹ සිට දිනකින් මේ සංචරය කරන්න පුළුවන් ,,,,සුන්දර ,ගැමි මිටියාවතක පිහිටි මේ අපුරු දියඇල්ල හිත නිවන අපුරු තෝතැන්නක් ,,,,ඔලු ඇල්ලට අමතරව කල්තියා සැලසුම් කරගත්තොත්  වේවැල්තලාව තේ වතු යායේ සංචාරයත් ,,,,නැත්තම් ඔලු ඇල්ලට ඉදිරියෙන් මහා යෝධයෙකු වගේ නැගී සිටිනා වවුලගල කන්දත් තරණය කරන්න පුළුවන් …….කොලබ සිට එක දිනකින් කරන්න පුළුවන් අපුරු තෝතැන්නක් ලෙස මේ ඔලු ඇල්ල හා ඒ අවට දක්වන්නට පුළුවන් …

කඩුගන්නාව දුම්රිය කටුගේ සහ ඩොසන් කුළුණ

කොළඹ නුවර මහා මාර්ගයේ කොළඹ සිට නුවර වෙත යනවිට පසුකරන කඩුගන්නාව හරි අපුරු පෙදෙසක් ,,,දර්ශණිය වටපිටාවකින් යුතු තෝතැන්නක් වන කඩුගන්නාවේ දුම්රිය ස්ථානය අසලම පිහිටා ඇති දුම්රිය කටු ගේ ශ්‍රී ලංකාවේ දුම්රිය ඉතිහාසය මෙන්ම දුම්රිය පිලිබදව අපුරු තොරතුරු ලබාදෙන හරි අපුරු ස්ථානයක් ..දුම්රියට බොහෝ ආදරේ කරන අයට මේ කඩුගන්නාව දුම්රිය ස්ථානය අමතක නොවන ස්ථානයක් වෙනවා ,,,,,දුම්රිය කටුගේ නරබිමෙන් පසුව කඩුගන්නාව සිට කොළඹ පැත්තට මද දුරක් පැම්ණෙන විට වම පසින් වන්නට යෝධයෙක් මෙන් ඉහලට නැගී සිටිනා මීටර් 90ක් උස සුදු පාට ඩෝසන් කුලුන දැකගන්නට පුළුවන් ,,එකල බ්‍රිතාන්‍ය පාලන යුගයේදී  කොළඹ මහනුවර මහා මාර්ගය නිම කරන්නට විශාල දායකත්වයක් දැක්වූ කැප්ටන් ඩෝසන් මහතා වෙනුවෙන් ඔහුව සිහිකිරීම උදෙසා මේ කුළුණ ඔහුගේ හිතවතුන් විසින් නිමකරවා ඇත ,,,එහි වූ දොරටුව මගින් ඇතුළු වූ සර්පිලාකාර පඩිපෙලක් ඔස්සේ එහි ඉහලට ගමන් කරන්නට ද පුළුවන් ,,කොළඹ සිට දිනකින් යා හැකි අපුරු තෝතැන්නක් ලෙස මේ කඩුගන්නාව අවට මේ අපුරු ස්ථාන නම් කරන්නට පුළුවන් …..

ඇබර්ඩීන් ඇල්ල

කැළණි ගංගා නිම්නයේ සුන්දර ගිනිගත්හේන ඇති අබර්ඩින් ඇල්ල දේශීය මෙන්ම විදේශිකයන් අතරත් බොහෝ ප්‍රසිද්ධ දිය ඇල්ලකි …..ගිනිගත්හේන නගරයේ සිට මාර්ගයන් දෙකකින් ලගා විය හැකි මේ ඇල්ල මේ වන විට වර්තමානයේ  නැගීඑන සංචාරක ස්ථානයක් ලෙස දක්වන්නට පුළුවන් ..ඇලිදොනා ලෙස සිංහල නාමයෙන් හදුන්වන මේ ඇල්ල මීටර් 100ක් පමණ උසකින් යුතු වෙනවා ,,,බොහෝ දෙනෙකුගේ ආක්ර්ශ්නයට ලක්වී ඇති පහලම වූ විශාලම උසම ඇල්ලට ඉහලින් තවත් ඇලි 5ක් පමණ මෙහි පවතිනවා ,,,වර්තමානයේ නම් මේ අවට සංචාරයන්ට පහසුකම සකසා ඇති අතර සති අන්තයේදී බොහෝ සංචාරකයන් මේ ස්ථානයට  පැමනෙනත් මේ ඇල්ලේ වූ ආකර්ශනිය සුන්දරත්වය නිසාමයි …එම නිසාම තරමක් අපවිත්‍ර වූ මේ ඇල්ල නැරබීමට යාමේදී අවට වූ පරිසරයට හානියක් නොවන ලෙස කටයුතු කරන්න.

සෙම්බුවත්ත වැව

මාතලේ ඇල්කඩුව තේ වතත් මගින් නඩත්තු කරන ලද අපුරු වටපිටාවක පිහිටි අපුරු වැවක් තමා මේ සෙම්බුවත්ත වැව ,,,,,දැන් නම් බොහෝ සංචාරකයන් අතර මෙය ගොඩාක් ප්‍රසිද්ධ ඇල්ලක් වෙනවා ..තේ වතු මැදින් ඇති දර්ශණිය මගින් ගමන් කොට වත්තේ ඉහලම කොටසේ වූ මහා විශාල පයිනස් ගස් වන්නන්ත්රයක් මැද මේ සෙම්බුවත්ත වැව සකසා තියෙනවා ..ඉතා විවේකිව කාලය ගතකොට හැකි සිසිලසකින් යුතු මෙහි නායකත්ව පුහුණු වැඩසටහන් මෙන්ම විවිධ වූ ක්‍රඩා බාහිර ක්‍රියාකාරකම් මේ ආශිතව සිදු කරනු ලබනවා …කොළඹ සිට දිනකින් සංචාරය කල හැකි මෙහි උපරිම වින්දනය ඔබට ගැනීමට අවැසි නම් තවත් එක දිනක් වෙන් කරන ගැනීම ඉතා වටිනා අවස්ථාවක් වෙනවා .

බතලේගල කන්ද

එක දිනකින් කඳු තරණය කරන්නට කැමති කොළඹ සිට එක දිනකින් කරන්නට හැකි අපුරුම සුදුසුම කන්දක් ලෙස බතලේගල කන්ද දක්වන්නට පුළුවන් …කොළඹ සිටි පැමිනෙන්නේ නම් මාවනැල්ල නගරයට ගොස් අරනායක දෙබත්ගම මාර්ගයේ ගොස් බතෙල්ගල ට ඇති මාර්ගය ඔස්සේ ගමන් කොට කෙටි කාලයකින් කඳු මුදුනට පැමිණිය හැකිය ,,,,,ඉතා දර්ශණිය වටපිටාවක් ඇති මෙම කන්ද මුදුනත සිට මාවනැල්ලේ අපුරු ස්ථාන කිහිපයක්ම දැකබලාගන්න ඔබට හැකිවේවි …

අසුපිනි ඇල්ල

මා පෙර දක්වන ලද බතලේගල යන මගේ දිගටම ගොස් අරනායක කුඩා නගරය පසුකොට යන විට මේ අපුරු දියඇල්ලවෙත ඔබට යා  හැකිය,,,එහි ඉහලටම යා හැකි ලෙස මාර්ගය සකසා ඇති අතර අසුපිනි ඇල්ල දුරතියා හරි අපුරුවට බලාගන්නට නැරබුම් වේදිකාවක්ද සකසා ඇත ,,එම නැරබිම් මැදිරිය පසුකොට තවත් ඉහලට ගොස් අසුපිනි ඇල්ලේ ඉහලම කොටස වෙත පැමිණෙන්නට පුළුවන් ,,,,පෙනුමෙන් ඉතා අපුරු කොටසක් වුවත් අසුපිනි ඇල්ල මුදුනේ එහි සිටිනා විට ජීවිතාරක්ෂාව පිලිබදව අවදානයෙන් කටයුතු කල යුතුමය ,,මන්දයත් අසුපිනි ඇල්ලේ ඉහල සිට විටෙක ක්ෂනිකව වූ ජල ධාරාවක් ගලා හැලෙන බැවින් ,,,ඒ නිසා එහි සුන්දර දැකගැනීම මෙන්ම ඔබගේ ආරක්ෂාව පිලිබදවත් නිතරම අවදානය යොමුකල යුතුය …

කොළඹට ආසන්නම දියඇලි

කොළඹ දිස්ත්‍රික්කයේ දියඇලි කිහිපයක් පිහිටා ඇති බව ඔබ දන්නවද ,,සමහරක් විට ඔබ  පුදුම වන්නටත් පුළුවන් ,,,,ඔබ අවිස්සාවේල්ල පුවක්පිටිය පෙදෙසේ සංචාරය කරන්නේ නම් එම දියඇලි ගොන්න දැකගත හැකිවෙනවා …..පුවක්පිටිය තුම්මෝදර පාරේ ඇති කුමාරි ඇල්ලත් ,,,කොදිකන්ද ආරණ්‍ය පාරේ ඇති ඇල්ල උඩ ඇල්ලත් ,තුම්මෝදර පාරේම ඇති  රන්මුදු ඇල්ලත් ,එම මගේම තවත් ඉදිරියට ගොස් දබොර ඇල්ලත් දැකගත හැකිය …එක දිනයකදී කොළඹ සිට පහසුවෙන් පැමිනිය හැකි මෙම දියඇලි කිහිපය වර්ෂා සහිත කාලවලිදී එහි සුන්දරත්වය තවත් ඉහල දක්වනවා ….කෙසේ වුවත් සති අන්තයේදී බොහෝ දෙනකු මෙහි පැමනෙන නිසා අවට පරිසරය නම් දැන් බොහෝ විට නිතරම දුශනයට ලක්වී ඇති බවත් දක්නට පුළුවන් ,,,,,,,නිසි විදිමත් සංචාරකයෙකු ලෙස එහි සංචාරය කිරීම හැමදෙනේකුගේම ප්‍රධාන වගකීමක් වෙනවා …

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles