spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

Trip යන අයට දැනුම වැඩිකරගන්න හොඳ පොත් ටිකක්

මේ සැප්තැම්බර් මාසය ,,ඒ කියන්නේ සාහිත්‍ය මාසය ,,ඉතින් මේ මාසය කීවාම ගොඩාක් අයගේ ඔලුවට එකපාර එන දෙයක් තියෙනවා ,,,ඒ තමා BMICH වල තියෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය …බොහෝදෙනෙක්  එ වෙත යනවානේ ,,මාගේ මේ ලිපියෙන් මම දක්වන්නට බලාපොරොත්තු වෙන්නේ මේ පාර Book Fair මිලදී ගන්න පුළුවන්  Travel කරන්න ආස අයට ඒ සම්බන්ධව ගන්න පුළුවන් හොදම Traveling පොත් කිහිපයක් ගැන …

  • දුම්බර කඳුවැටි සිසිරා

දුම්බර වන පෙතට ආදරේ කරන ලක්ෂ්මන් පාලිත රණතුංග මහතා විසින් ලියන ලද ආකර්ෂා ප්‍රකාශකයන් විසින් එළිදක්වන ලද දුම්බර කඳුවැටි සිසාරා නම් පොත දුම්බර මිටියාවත නැත්තම් නකල්ස් වන පියස පිලිබදව බොහෝ විස්තර දක්වනවා ,,,,දුම්බර මිටියාවතේ පාරිසරක හා සංස්කෘතික ලක්ෂණ ,,එහි වූ කඳු හා ගංගා දියඇලි පිලිබදවත් ,,,දුම්බර මිටියාවත සංරශ්නය කරගන්නා ආකාරයත් මේ පොතේ අපුරුවට විස්තර කොට තියෙනවා ……

  • සිංහරාජ අඩවියේ ලංකාගම

ලංකාවේ හදවත බඳු වූ සිංහරාජ අඩවියට මායිම්ව තියෙන සුන්දර ගමක් වන ලාංකාගම ගැන කියවුණු අපුරු පොතක් තමා මේ ,,ජයතිස්ස තෙන්නකෝන් මහතා විසින් රචිත මේ පොතේ හි සිංහරාජ වනාන්තරය හා බැදුණු පාරිසරක විස්තරයන් මෙන්ම එහි වූ ලංකාගම නම් සුන්දර ගැමි ගම්මානය හා බැදුණු පාරිසරික ,සංස්කෘතික ,,ආගමික හා එහි ජිවන කටයතු පිලිබදව ඒවා මුල්කර ගෙන අපුරු කරුණු රැසක් මේ පොතෙහි සටහන් කරලා තියෙනවා ..මෙවරත් මේ පොත මිලදී ගන්නට ඔබව පුළුවන් වේවි ..

  • ලංකාවේ සුන්දර ස්ථාන

ශාන්ත කුමාර මහතා විසින් රචනා කරන ලද ලංකාවේ සුන්දර ස්ථාන නම් පොත ලංකාව වටා සංචාරය කරන්නට ආසා කරන සංචාරකයන්ට බොහොම වටිනා පොතක් වේවි ,,,,,ලංකාවේ ප්‍රධාන සංචාරක ස්ථාන මෙන්ම ඒවා හා බැඳුනු පාරිසරක ,සංස්කෘතික ,හා සාමජිය ආර්ථක වටිනාකම් පිලිබදව මේ පොතෙහි අන්තර්ගත වෙලා තියෙනවා ..මෙවරත් Book Fair හි මිලදී ගන්න පුළුවන්  මේ පොත සංචාරයන්ට බොහෝ වැදගත් වේවි ….

  • ශ්‍රී ලංකාවේ ක්‍රියාදාම චාරිකා

තරුණ ක්‍රියාදාම සංචාරකයෙක් වන ශාමින්ද රන්ශාන් විසින් ලියන ලද  ශ්‍රී ලංකාවේ ක්‍රියාදාම චාරිකා නම් කොටස් දෙකකින් යුතු පොත් දෙක මේ වන විට බොහෝ තරුණ සංචාරකයන් අතර ඉතා ප්‍රසිද්ධ  පොත් දෙකක් වනවා ,,පොත් දෙකහිම කඳු,දියඇලි ,ඇතුළුව සංචාරක ස්ථාන 100කටවැඩියෙන් එහි අන්තර්ගත වෙලා තියෙනවා ,,,,වර්තමාන තරුණ සංචාරකයන් අතර බොහෝ ප්‍රසිද්ධ ඉසව් මෙන්ම ඒවා පිළිබද වටිනා තොරතුරුත්  ඒවා රැකගත යුතු ආකාරයත් එහි දක්වා තියෙනවා ,,,ඉතා ප්‍රසිද්ධ වුනු කොටස් දෙකකින් යුතු මේ පොත් දෙකට තාමත් බොහෝ ඉල්ලුමක් ඇති බැවින් එහි සීමිත වුනු පිටපත් කිහිපයක් මෙවර Book Fair එකෙන් මිලදී ගන්න හැකි වේවි

  • ශ්‍රී ලංකාවේ වනාන්තර

P.M සේනාරත්න මහතා විසින් රචිත ශ්‍රී ලංකාවේ වනාන්තර නම් මේ පොත මගින් ශ්‍රීලංකාව පුරා විසිරි ඇති වනාන්තර පද්ධති හි පාරිසරික රටාවන් පිලිබදව තොරතුරු පරික්ශානාකුලව විස්තර කර තියෙනවා ,,,වනාන්තර පද්ධති වල ඇවිදින්න ආස ,ඒවා පිලිබදව අද්‍ය්න්ය කරන්න ඇල්මක් දක්වන සංචරකයන් හට මෙය බොහොමත් වටිනා පොතක් වේවි ……..

  • අසිරිමත් හෝර්ටන් තැන්න

ලංකාවේ ඉහලින්ම පිහිටි මහා තැන්න මහා එලිය තැන්න හෙවත් හෝර්ටන් තැන්නේ අසිරිය පිලිබදව ;ලියවුනු අපුරු පොතක් මේ …ෂරලි ප්‍රනාන්දු  මහතා විසින් රචිත මේ පොතෙහි හෝර්ටන් තැන්නේ පාරිසරක හා ස්වභාවික වටිනාකම පිලිබදව අපුරුවට දක්වා දෙනවා ,,,මේ පොත ඔබට මෙවර මිලදී ගන්න පුළුවන් ..

  • මහාද්වීපයක තනි වුනෙමි

ලංකාවේ උපන් මේ වන වන රුසියාවේ වාසය කරන අපුරු සංචාරකයෙක් වන රොහාන් ඩිරෙක්ස් මහතා විසින් ඔහුගේම සංචාරක අත්දැකීම් තුලින් ලියන ලද අපුරු පොතකි මේ මහාද්වීපයක තනිවුනෙමි නම් පොත …විසි වසරක් තිස්සේ ඔහු ජිවත් වන ශිත රුසියාවේ දුෂ්කර චාරිකා මෙන්ම රුසියාව තුල වූ සංචාරය කිරීමේ මාර්ගෝපදේශය එහි මැනවින් දක්වා තියෙනවා ,,,ඉතා රසවත් ගවේෂණශීලි වටිනාකමකින් යුතු මෙම පොත ඔබට මෙවර Book Fair හිදී මිලදී ගන්නට පුළුවන් …..

  • බ්‍රිජට්ගේ දිරිය    

ලෝකය වටා යතුරුපැදියකින් ලොව වටා ගමනක් ගිය ලංකාවේ උපන් මේ වනවිට ස්විට්සර්ලන්තයේ ජිවත් වන අපුරු සංචාරකයෙක් වන ඩිලාන් වික්‍රමසිංහ මහතා විසින් රචිත ඔහුගේම සංචාරක අත්දැකීම් වූ බ්‍ර්ජට්ගේ දිරිය අපුරු පොතකි ,,,ඇලස්කාවේ සිට දකුණු ඇමරිකාව දක්වා පැන් ඇමරිකන් මගේ ගමන් කිරීමේදී පැනමාව සිට කොලොම්බියාව දක්වා මුහුද ඔස්සේ පාරුවකින් ඔහු ගිය ස්වකිය චාරිකාව එයින් විස්තර වේ ,,,,,,,සංචාරකයන් ට හීනයක් වුනු අපුරුම පොතක් වේවි මෙය …

  • හිමගිරි තරණය

           හේමාල් ලියනගේ මහතා විසින් ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කන්දේ මුලික කඳවුර දක්වා වූ දින            10ක ඒ අපුරු චාරිකාව ගැන කියවුණු පොත ලෙස මේ හිමගිරි තරණය පොත දක්වන්න පුළුවන් ,,,,නේපාලයේ සිට එවරස්ට් මුලික කඳු මුදුන දක්වා වූ ඒ අපුරු ගමනේ අලංකාරයත් එහි වූ මාර්ගෝපදේශයත් මෙම පොතෙහි අපුරුවට දක්වා තියෙනවා ,,ඉතින් එවැනි සිහින දකින සංචාරකයන්ට ඉතාමත් වටිනා පොතක් වන මේ පොතත් මෙවර මිලදී ගත හැකියි ……..

  • වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් ප්‍රකාශ කරන ලද පාරිසරක පොත

සංචාරයට හා පරිසරයට ආදරේ කරන දේශීය සංචාරකයන්ට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් ප්‍රකාශනයට පත් කරන ලද පොත් කිහිපයක් ඇත ,,,සිංහල හා ඉංග්‍රසි මාධ්‍ය්යෙන් රචිත මෙම පොත් කිහිපයක් සදහන කරන්නම් …

Sinharaja world Heritage

Dumbara

නකල්ස් වනාන්තරය

මහවැලි ගංගාව

A Guide of waterfalls in Sri Lanka

තුන්කොන් වනබිම

මැකී යන වනපෙත්

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles