spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

කඳුකරයේ කරදරකාරයා , කූඩැල්ලන්ගෙන් බේරෙන්න සරල ක්‍රම කිහිපයක්

කූඩැල්ලන් සදහා විසදුම්

සංචාරක ඔබ කදු තරණයකදි,දියඇලි නැරඹීමට යාමේදි හෝ කදුකර වනගත  පා ගමනක් යාමේදි ඔබට ඇතිවන ප්‍රධාන ගැටලුවකී..ඒනම් කූඩැල්ලන්ගේ පහරදීම්…..

බොහො අවස්ථාවන් හිදි එවැනි සංචාර වලදි කූඩැල්ලන්ගේ පහරදීම් වලට ලක්වන්නට ඔබට සිදුවනුවා නොවනුමානය…..එය කදුකර සංචාර වලදි මුහුන පාන්නට වන ප්‍රධානම ගැටලුව හා අභියෝගය වේ….

තෙත් කාලපීය බොහො ඉසව් වල ජීවත් වෙන කූඩැල්ලන්ගේ එකම ජීවන චක්‍රය ලේ උරා බීම පමණි…කුඩැල්ලන් දෙපා වල පමණක් නොව,අත්පය,බෙල්ල හා පපු,මුහුනු පෙදෙස් වලත් සිට්නු හැකිය…..

බොහෝ කාලයක් තිස්සේ කූඩැල්ලන් සදහා විවිධ පිලියම් යොදාගත් අතර එයින් වඩාත්ම හොදම කුමක්දැයි කියන්නට නොහැක

කෙසේ වුවත් එයට හොදා ගන්නා පිලියම් කිහිපයක් මෙසේ දැක්විය හැක….

**කුඩැලි මෙස් ( Leech Socks )

බොහො විට වර්තමානයේ Hiking ,trakking යන විනෝදාංශයක් ලෙස කදු නැගිමේ හා වෘත්තීය කදු නගින්නන් හා මෙම ක්‍රමවේදය යොදාගනි..කොටන් රෙදි භාවිතා කර දණහිස දක්වා වනතුරු  මේස් එකක් මසා සාර්ථකව භාවිතා කල හැක

(වර්තමානයේ Hiking Shops වලින් එය මිලදි ගත හැකිය)

ඇලම් භාවිතය

කොලඔ කොටුවේ බැන්ක්ෂෝල් වීදීයේ ඇති රසායන ද්‍රව්‍ය අලෙවිසැල් වලින් මිලදි ගත හැක…මෙය සුදු කුඩකී…කිලෝ එකක් දින දෙකක ගමනකට දස දෙනෙකුට ද සෑහේ

ඔබගේ සපත්තුවේ වතුර ගා ,පසුව ඇලුම් එහි වටේ තවරා ගන්න….එවා සුදු  පාට පවුඩර් මෙනිය..ඇලුම් යෙදු විට කූඩැල්ලන් නැග්ගද සැණකින් උන් බිමට වැටෙයි …..

පොල්තෙල් හා ඩෙටෙල් මිශ්‍රණය

පොල්තෙල් හා ඩෙටෙල් එකට එකතු කොට තරමක උකු දුර්ගන්ධයක් වන තුරු මිශ්‍ර කර දෙපා වල  තවරා ගත් විට කූඩැල්ලන් පහරදීම් අවම වේ…

දුම්කොල භාවිතය

දුම්කොල හොදින් තලා දෙපා වල තවරා ගන්න

සන්ලයිට් භාවිතය

සන්ලයිට් සබන් හොදින් වතුරුන් මිශ්‍ර කර සබන් කැටය දෙපාවල තවරාගන්න…සන්ලයිට් කූඩැල්ලන් ට විශ බැවින් එවිට කැඩැල්ලන් නගින්නේ නැත

ලුණු භාවිතය

ලුණු කුඩු ගෙන හොදින් දෙපා වල තවරාගන්න..එවිට කූඩැල්ලන් ගැලවි වැටේ…..

තේ ඇට භාවිතය

බොහො විට තේ වතු ආශ්‍රත ජනතාව මෙය සාර්ථකව  භාවිතා කරයී….තේ මල් ඇට තලා හොදින් දෙපාවල තවරාගත් විට කූඩැල්ලන් දෙපා වලට නගින්නේ නැත…….

මෙවැනි උපක්‍රම ඔබට සරිලන ලෙස උචිත ලෙස භාවිතා කිරිමෙන් කූඩලු ප්‍රහාර අවම කොට ගත හැකිය ….

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles