spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

වාරි තාක්ශණයේ සොඳුරුතම නිමැවුමක් – ඇළහැර අමුණ

ලංකාවෙ වැව් වලට මුලින්ම ගංගා ජලය හරවා ගෙන එන ලද සැලකෙන ඇළහැර ඇලට ජලය සැපයෙන්නෙ අබන් ගඟ හරස් කරල බඳින ලද වේල්ලකින් . මේ තමා ඇළහැර අමුණ (Elahara Amuna) . ලංකාවෙ ඉතිහාසෙ ක්‍රි ව 67 දි පමණ වැඩ ආරම්භ කරපු ඇළහැර අමුණ වාරි ඉතිහාසයේ මෙන්ම වාරි ඉන්ජිනේරු තාක්ශණයත් භූගෝලීය දැනුමත් ගැන ආදි ශ්‍රී ලාංකිකයන්ගේ අනල්ප දැනුම ඉස්මතු කරන තැනක් .

ඇළහැර අමුණ

ඇළහැර අමුණේ පිහිටීම

ඇළහැර අමුණ තියෙන්නෙ මාතලේ පොලොන්නරු දිස්ත්‍රික්ක මායිමේ . දඹුල්ල ඉඳන් නාඋල පාරෙ ගිහින් බකමූණ හිරිතලේ පාර වැටිල තියෙන්නෙ මේ සුන්දර ඇළහැර ඇලේ වැව් කණ්ඩිය හරහා . ආසන්න වශයෙන් සැතපුම් 56ක් පමණ වන මෙම ඇළ මාර්ගය හරහා මින්නේරිය පොලොන්නරුව දක්වා ජලය ගෙන ගොස් තිබෙනවා .

ණිර්මාණයේ ඉතිහාසය හා විකාෂණය

මේ දැවැන්ත වාරි නිර්මාණයේ මූලිකත්වය ගන්නෙ වසඹ රජතුමා . ඉන්පසුව මහසෙන් රජතුමා විසින් එහි තවත් වැඩිදියුණු කිරීම් සිදු ක්‍රල තිබෙනව , ඉන් පසුව අග්බෝ රජ කාලයේත් 1905 දී බ්‍රිතාන්‍ය පාලනය විසින්ද , 1942 දී ඩී එස් සේනානායක මහතාගේ මඟපෙන්වීමෙන්ද අමුණෙ වෙනස්කම් සිදු කරාල තියෙනව .

පැරණි අමුන ( ඈතින් ) හා අලුත් අමුණ

ඇළහැර ඇල
ඇළහැර ඇල

අමුණ ඉදිකිරීම හා එහි තාක්ශ්නය

දැන් තිබෙන අලුත් අමුණ කොන්ක්‍රීට් යොදා නිර්මාණය කරල තිබෙනවා . ඊට ආසන්නයෙන්ම පැරණි අමුණ දැකගන්නට පුලුවන් . මේ පැරණි අමුණ දැවැන්ත කලු ගල් කුට්ටි වලින් නිමවා තිබෙනව , මීටර තුනක පමණ උසකින් යුක්ත මේ අමුණ සෙන්ටිමීටර 75 සිට මීටර 1.5 පමණ ගනකම් හතරැස් හල් කුට්ටි ප්‍රධාන වශයෙන් යොදාගෙන තිබෙනවා . මෙහිදී පාදම ලෙස නයිස් පාශාණයට කඩතොලු එක කර එහි ලිස්සා යෑම නවතා ශක්තිමත් භාවය වැඩි කර තිබෙනවා .

පැරණි අමුන
පැරණි අමුන

මෙහිදී ගල් කුට්ටි වලට පහල සමතුලිත කර ගල් එකිනෙක තබා ඇති අතර . ගල් කුට්ටි තල්ලු කිරීමකින් තොරව එක මත එක තබා ඇති බව විශෙඤ්හයුඉන් විසින් සඳන් කරනව . විස්මිත වාරි ණිර්මානයක් වන මෙහි අතීතයේ මීටර 180ක් පමණ පලලට මෙහි ගොඩනැගීම් සිදු කර ඇති බව සැලකෙනවා . මෙහි හිස්තැන් සඳහා හුණුගල් වලින් බදාමයක් සකස් කර තිබී ඇති අතර පිටත කොටස් ගඩොල් භාවිතයෙන් නිම කර තිබෙනව .

ඇළහැර ඇල පැරණි වේල්ල වෙත යාමට ඇති කුඩා පාලම
ඇළහැර ඇල පැරණි වේල්ල වෙත යාමට ඇති කුඩා පාලම

ඇලහැර අමුණ කියන්නෙ ඓතිහාසික , සමාජීය වගේම පාරිසරිකවත් ඉතා වටිනා නිර්මාණයක් . එය රැකගැනීම මෙන්ම ඒ වටිනාකම ගැන දැනුවත්වීමත් අපගේ යුතුකමක් .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles