spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ගල්බොඩ ඇල්ල

ගල්බොඩ ඇල්ල කියන්නෙ ලංකාවෙ පොදු ප්‍රවාහනය පාවිච්චි කරල යන්න පුලුවන් හොඳම ගමනාන්තයක් . ගල්බොඩ පිහිටල තියෙන්නෙ නුවර දිස්ත්‍රික්කයෙ . ආසන්නම නගරය වෙන්නෙ නාවලපිටිය නගරය . මහවැලි ගඟේ ප්‍රධානම අතු ශාකාවකින් පෝශණය වෙන ගලබොඩ ඇල්ල ලංකාවෙ කාලයකදී , ලංකාවෙ පිරිසිඳුම හා ගුණාත්මකම ජලය පැවති ප්‍රදේශය කියල සැලකෙනව . යටත් විජිත සමයේ ආන්ඩුකාරවරයාට ජලය සැපයූ ලිඳක් තවමත් ගලබොඩ දුම් රිය ස්ථානය ආශ්‍රිතව තිබෙනව .

ගල්බොඩ ඇල්ලේ හැඩරුව

කුඩා මහල් කිහිපයකින් හා දැවැන්ත මහලකින් සමන්විත ගලබොඩ ඇල්ල මීටර 50ක පමණ පලලකින් යුක්ත වෙනවා . මේ ඇල්ලට ජලය සැපයෙන්නෙ ලංකාවෙ කාලයකදි වැඩිම වර්ශාවක් පතිත වෙන ප්‍රදේශය වුන වටවලින් පෝශණය වෙන මහවැලි ගඟේ ප්‍රධානම අතු ගංගාවක් . මානව ජනාවාස වලින් ඈතින් ගලා යන නිසා මෙම අතු ගංගාවට වෙනම නමක් යෙදිල නෑ .

ගල්බොඩ ඇල්ලේ පිහිටීම හා පරිසරය

මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 800ක පමණ උසකින් පිහිටල තියෙන ගලබොඩ ඇල්ල පිහිටි ප්‍රදේශය සිසිල් සෞම්‍ය හා තෙත් පරිසරයකින් යුක්තයි . ගෝණුන් . මුවන් මෙන්ම කොටින්ද , දැවැන්ත පිඹුරන් හා සර්ප විශේශ ගණනාවකින්ද මෙම පරිසර පද්ධතිය සමන්විතයි . නිරිත දිග මෝසම් කාලයේදී වඩාත්ම අලංකාරවත් වෙන ගලබොඩ ඇල්ල අවුරුද්ද පුරා ජලය තිබෙන දියඇල්ල දැකබලාගන්න පුලුව්න තැනක් .

ගල්බොඩ ඇල්ලේ පහසුකම් හා ගාස්තු

ගලබොඩ ඇල්ල ආශ්‍රිතව නැරඹුම් මැදිරියක් හා පොදු පහසුකම් සපයාගැනීමට අදාල පහසුකම් පස්බාගෙ කෝරලේ ප්‍රාදේශීය සභාව මඟින් සපයල තිබෙනව . මේ පහසුකම් හා නඩත්තු කටයුතු සඳහා රුපියල් 50ක මුදලක් අය කරනව (2023)

ගල්බොඩ ඇල්ලට යන විදිහ

ගලබොඩ ඇල්ල වෙත පිවිසෙන්න ගල්බොඩ පාරෙ ගිහින් යන්න පුලුවන් , මේ සඳහා නාවලපිටියේ ඉඳන් ඉඟුරු ඔය පාරෙ ගිහින් යනන් පුලුවන් . පොදු ප්‍රවාහනය පාවිච්චි කරනවනන් . පෙන්‍රෝස් බස රඨහ්යෙන් හරි කෝච්චියෙන් යනවනම් ගල්බොඩ දුම් රිය ස්ථානයට ගිහිල්ල එතනින් කිලෝමීටරයක පමණ ගමනකින් පස්සෙ ගල්බොඩ ඇල්ල හමුවෙනව .

සොබාදහමේ සුන්දර ණිර්මානයක් වුන ගලබොඩ ඇල්ල හා ආශ්‍රිත පරිසරය රැකගැනීම සංචාරක ඔබගේ වගකීමක් වනවා .

අවට නැරබිය හැකි ස්ථාන

ගල්බොඩ දුම් රිය ස්ථානය
පෙන්‍රෝස් දිය ඇල්ල
ගල්බොඩ පහල ඇල්ල
ගල්බොඩ නිවුන් බිම් ගෙය
ගඟරන් ඔය ඇල්ල ( ඉඟුරු ඔය ඇල්ල )

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles