spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

අක්කයි | මල්ලී මෙදා පාර ගමන – උඩුදුම්බර ගැරඬි ඇල්ල

💙🌻 ගැරඬි ඇල්ල | කලුගල | උඩුදුම්බර 🌻🍃

ලියමන – Shara HaShini

_____________________________________________________

අක්කයි | මල්ලී මෙදා පාර ගමන උනේ උඩුදුම්බර ගැරඬි ඇල්ල…🍃

ප්ලෑන් නොකර යන ගමන් තමා සුපිරිම කියනවා වගේ,මේ ගමනත් එහෙම ගමනක්…!🌻

16 බ්‍රහස්පතින්දා හවස 6ට විතර තමා ගමන ප්ලෑන් කලේ 17 සිකුරාදා උදේම යන්න… අපි

දෙන්නා විතරක්… දුශ්කරම කඳු තරණයක්….🙈🍃 දනිස් වල ප්‍රශ්නයක් ඇවිත් හයික් එපා කියලා Doctors ලා කියලා තියෙද්දි , දනිස් දෙකට ඕන එකක් වෙද්දෙන් කියලා මම ගමන යන්න ලෑස්ති උනා..🥲🥲

(මෙහෙම ඇවිදින ලංකාවෙ එකම අක්කයි මල්ලී අපි දෙන්නාද දන්නෙ නෑ ඉතිං.. 💖)

DCIM\100GOPRO\GOPR1584.JPG

එහෙනම් ගමන පටාන්න් ගමු… 🍃

ඔන්න ඉතිං 16 රෑ එළි වෙනකන් ගෙනියන්න ඕන දේවල් ටික ලෑස්ති කලා දෙන්නා එක්ක.. බයික් එක හෝදලා ගද්දි පාන්දර 3යි.😂 පැයක්වත් නිදාගන්න බැරි උනා ඒ නිසා , 17 උදේම නැකිටලා අපි ගමන යන්න ලෑස්ති උනා..

මේ පාරනම් අම්මගෙයි තාත්තගෙයි මූනු හොඳ නෑ 🙈🙊 දෙන්නා එක්ක කොහෙ හරි මොකක් හරි කරගෙන ඉඳී කියලා යුද්ධ ප්‍රකාශ කලා උදේම… 🥶 ඒ දෙන්නව ටිකක් ශේප් කරගෙන පරිස්සමෙන් එනවා කියලා ඔන්න අපි ගමන යන්න පිටත් උනා…!

____________________________

ලංකාවෙ ගැරඬි ඇලි කිහිපයක් තියනවා.. අපි මේ යන්නෙ, මහනුවර දිස්ත්‍රික්කයේ තියන උඩුදුම්බර – ගැරඬි ඇල්ලට… 🍃

DCIM\100GOPRO\GOPR1640.JPG

අපි ගියෙ 🛵, Google Map එක දාගෙන, හංවැල්ල හරහා නුවරට ඇවිත්, නුවර මහියංගන මාර්ගයේ තෙල්දෙණිය, මැදමහනුවර, හුන්නස්ගිරිය පහු කර ඉදිරියට යද්දි වම් පසෙන් මෙ සුන්දර දිය ඇල්ල පිහිටා තියනවා…!

🚎 බස් එකේ යන කෙනෙක් නම්, නුවරට ඇවිත් කලුගලට යන බස් එකේ නැගල බහින්න පුලුවන්..! උඩුදුම්බර ඉඳලා, ත්‍රීවීල් එකක් ගන්නත් පුලුවන්.. ගනන් (1500/= , 2000/=ත් අතර වෙනවා )

DCIM\100GOPRO\GOPR1610.JPG

කලුගලට යන බස් හැමවෙලේම නෑ.. ඒ නිසා බස් එකේ යන කෙනෙක් නම් බස් තියන වෙලාවල් ගැන දැනගෙන යන්න….!

🔺( මහනුවර සිට ගැරඬි ඇල්ල නැරඹුම් ස්ථානයට 58km )

ඇල්ලට යන්න පාරවල් දෙකක් තියනවා…!

🍃 එකක් 05කනුව පැත්තෙන්…

🍃 අනිත් එක මෝල පැත්තෙන්..

(ගමේ අයගෙන් අහලා යන්න.. ගමේ ඉන්නෙ මාර හොඳ මිනිස්සු, කටපුරා හිනා වෙලා උදව් කරන අය… )

DCIM\100GOPRO\GOPR1573.JPG

_________________________

දිය ඇල්ල නැරඹීමට හොඳම කාලය කිව්වොත්.. වර්ශාව තියන කාලෙට දිය ඇලි සක්‍රීය වෙනවනෙ.. දිය ඇලි ලස්සන වැස්සට.. 😁 ඒත් වැස්ස කාලෙකට මේ කන්ද තරණය කරන එක ලොකු අවදානමක්..! මීටර් 5 ,6 ක් කඹයක් ආධාරයෙන් උඩට යන තැන් තියන මේක දුශ්කර ගමනක්.. එක පාර වැඩි වෙන මීදුම, කූඩලු ප්‍රහාර මැද, වැස්ස එක්ක කන්ද තරණය ඉතාම අපහසුයි..!!

බරපතල මට්ටමේ සිරස් කොටස් වලින් උඩට යන්න තියන දුශ්කර ගමනක් මේක.. පැය 2, 3 ක් කාලයකදි ගමනාන්තයට ලඟා වෙන්න පුලුවන්….!

මේ දිය ඇලි පොකුර කොටස් 07කින් නිර්මාණය වෙලා තියෙන්නෙ, උස මීටර් 200/ 240ක් වගේ වෙනවා… දිය ඇල්ලේ හැඩය මී සර්පයෙක් ආකාරයට පිහිටා ඇති නිසා තමයි ඇල්ලට මේ නම ලැබිලා තියෙන්නෙ…! 🍃

දුශ්කර කඳු තරණයක් උනත් ඇල්ලේ ඉහළ තියන සුන්දරත්වය ගැන නම් කියන්න වචන නෑ…! 💖🙈 මෙච්චර ලස්සන රටකනෙ දෙයියනේ අපි ඉන්නෙ… 🥺🍃

________________________________________________

තව දෙයක්, අපි මේ තැන් බලන්න යනවා වගේම ඒ තැන් අපවිත්‍ර නොකර එන එක අපේ වගකීමක්…! එහෙම කරන්නෙපා.. 🥺

DCIM\100GOPRO\GOPR1563.JPG

තව කෙනෙක්‍ට ඒ තැන් ඒ විදිහටම බලන්න ඉඩ දෙන්න.. 🍃

අපි කැමති නෑනෙ කුනු දාලා වනසලා තියන තැනකට යන්න.. ඉතිං හැමෝම එහෙම තමා…

____________________________________________

Vlog එක බලන්නත් අමතක කරන්නෙපා… ඔයාලත් පරිස්සමෙන් ගිහින් එන්න

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles