spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

හිරිපොද මැද්දෙ ග්‍රේට් වෙස්ටර්න් කන්දට – විදත් නාපාවල

Report by

විදත් නාපාවල

Travel napa

අද කතාව පටන් ගන්නෙ ඉතින් උසින් ගත්තහම ලංකාවෙන් 7 වෙනි තැන තියෙන කන්ද හොයාගෙන ගිය ගමන ගැන කියන්න….

හරි එහෙනම් මෙහෙමයි කතාව පටන් ගන්නෙ ගමන ගියෙ ඉතින් මායි හිරුශයි තමයි… අපි දෙන්නා ඉතින් ඉස්සෙල්ලම කතා උනේ වෙන ගමනක් යන්න එතන්ට හැමෝම දැන් රැල්ලට යන නිසා ඒ ගමන කැන්සල් කරලා මං කිව්වා යමං අපි ග්‍රේට්වෙස්ටර්න් කියලා මූත් ඉතින් කොහේ හරි කමක් නෑ යමු කියලා අපි ඒ ගමන යන්න දාගත්තා 😌👍

අපි ඉතින් උදේම යං කියලා තමයි කතා උනේ… වැඩේ කියන්නෙ ග්‍රේට්වෙස්ටර්න් වලට යන්න තියෙන ලේසිම ක්‍රමේ කෝච්චියෙන් යන එකනෙ……….. අපි ඉතින් පුලුවන් තරම් උදේම යං කියලා තමා කතා උනේ😌

ඔහොම ඔහොම ඉතින් කතා වෙලා උදේ 5.30 වගේ වෙන කොට මං පරකඩුවෙන් නැග්ගා කොලබ ඉදන් බදුලු යන බස් එකක බණ්ඩාරවෙලින් බහින්න ඒ බස් එකටම හිරුශත් කුරුවිටින් නැග්ගා ඔහොම ඉතින් දෙන්නත් එක්ක සෙට් වෙලා උදේ 8 වගේ වෙන කොට අපි ආවා බණ්ඩාරවෙලට අපි ආපු බස් එකේ කොන්දොස්තර අයියත් මාර හොදයි එයත් එක්කත් පොඩි කතාවක් දාගෙනම අපි ආවා ඉතින්…….

අපි ඉතින් බණ්ඩාරවෙල ටවුන් එකෙන් බැහැලා ඉන්නෙ දැන්…….. අපි ගියා ටවුන් එකේ ටික දුරක් ඉස්සරහට අපිට ගිහිල්ලා උයන්න බඩු අර ගන්න… කඩේකට ගිහිල්ලා අපිට ඕනි බඩුත් අරගෙන හෙමින් හෙමින් අපි බණ්ඩාරවෙලට ස්ටේෂන් එක පැත්තට එන්න හදද්දි වෙලාව බැලුවා හම්මට සිරි 🥲 වෙලාව 8.30 ට ඔන්න මෙන්න අපිට යන්න ඕනි කෝච්චිය 8.30 ට එන හින්දා අපි ටක් ගාලා දුවගෙන ආවා… දුවගෙන අවිල්ලා අපි ග්‍රේට්වෙස්ටර්න් වලට ටිකට් අරන් ස්ටේෂන් එක ඇතුලට ආවා…. එතන්ට වෙලා ටිකක් වෙලා බලන් ඉද්දි කෝච්චියත් ආවා

හදිස්සි කට්ටියට නගින්න දීලා අපි හෙමීට කෝච්චියට නැග ගත්තා…. ඉදගන්න සීට් නම් නෑ ඉතින් 🥲🥲 කෝච්චියේ ටිකක් සෙනගත් එක්ක එදා…. අපි ඉතින් අපේ බෑග් ටිකත් රැක් එකට දාලා අපි බැලුවා අපිට ඉන්න ෆුට් බෝඩ් එකක් තියෙදා කියලා ඒවත් නෑ ඉතින් 😕😕 ඒවත් ඔක්කොම ෆුල් …… හැබැයි එක ෆුට් බෝඩ් එකක් සෙට් උනා එතන කට්ටිය ඉදියත් එතන්ටම වෙලා ඉන්න හිතෙන 😂 ඉතින් ඒක හින්දා හේත්තු වෙන්නවත් තැනක් නැතුව අපි දෙන්නා එතන්ටම වෙලා ඉදියා………. අපිට තිබ්බ ලැජ්ජාවට කතා කර ගන්න බැරි උනා එයාලට 😌 එයාලා පට්ටිපොලින් බැස්සා අපි කෝච්චියේම ඉස්සරහට ගිහා 😂😂.

හරි හරි ඒවා වැඩක් නෑ……….. කොහොම හරි අඹේවෙල හරියට යද්දි නම් කෝච්චියේ සෙනග ගොඩාක් අඩු උනා…… අපි ඉතින් වටේ තියෙන ලස්සනත් බල බල පැය තුන්ක් විතර යද්දි අපි ආවා ග්‍රේට්වෙස්ටර්න් ස්ටේෂන් එකට අපි ඉතින් එතනින් බැහැ ගත්තා…… එතනින් තමයි බදුලු ඉදන් කොළඹ යන පොඩි මැණිකෙයි කොළඹ ඉදන් බදුලු යන පොඩි මැණිකෙයි දෙන්නා මාරු වෙන්නෙ 😌 ග්‍රේට්වෙස්ටර්න් කදු මුදුනට ඔය සීන් එක ලස්සනට බලා ගන්න පුලුවන්….😱.

මාර වැඩේ කියනව නම් තිබ්බ හදිස්සියට අපිට දවල්ට කන්නත් මොනවත් ගන්න බැරි උනා බණ්ඩාරවෙලින් අපි ඉතින් හිතන් ආවෙ ග්‍රේට්වෙස්ටර්න් පැත්තෙන් කන්න මොනා හරි ගන්න වැඩේ කියනව නම් ඒ ස්ටේෂන් එක අහලකවත් කඩයක් නෑ….. අපි ඉතින් එතන ස්ටේෂන් එකේ වැඩ කරන අයියා කෙනෙක් කඩයක් තියෙන තැනක් අහ ගත්තා ඒ අයියත් මාර හොදයි අපි අපේ බෑග් ටිකත් ඒ අයියට කියලා ස්ටේෂන් එකෙන් තියලා අපි ගියා අර කියපු කඩේට ස්ටේෂන් එකේ ඉදන් පොඩි සැලකිය යුතු දුරක් යන්න ඕනි අඩි පාරක් දිගේ ඒ කඩේට ……. මං හිතන්නෙ ඒ ග්‍රේට්වෙස්ටර්න් ගම්මානය වෙන්න ඕනි….. හැබැයි ඉතින් කෑම කඩ නම් නෑ එහෙ. තියෙන්නෙ සිල්ලර බඩු කඩ… වෙලාවට ඒ කඩේ පාන් තිබ්බා… අපි ඉතින් පාන් ගෙඩියකුත් අරගෙන් ජෑම් එකකුත් අරන් අපි ආවා ආපහු ස්ටේෂන් එකට…. අපි අර අයියටත් කතා කරලා අපේ බෑග් ටිකත් අරගෙන අපි ආවා ස්ටේෂන් එක ලගම තියෙන පොඩි කමරේට එතන්ට වෙලා අර ගෙනාපු පාන් ගෙඩියත් කාලා ඇදුනුත් මාරු කරගෙන අපි දැන් ලැහැස්ති උනා අපේ අද ගමනාන්තය වෙච්ච ග්‍රේට්වෙස්ටර්න් කදු මුදුනට යන්න………..

අපි ඉතින් අර අයියටත් ගිහින් එන්නම් කියලා අපි කෝච්චි පාර දිගේ බදුල්ල පැත්තට ඇවිදගෙන ගියා…. ස්ටේෂන් එකේ ඉදන් කන්ද නගින්න පටන් ගන්න තැනට 1.5 km වගේ ඇවිදන් යන්න ඕනි…….. ඔහොම ඔහොම ඇවිදන් එද්දි අපිට හම්බෙනවා කෝවිලකට යන පඩි පෙලක් ඔන්න ඕක දිගේ උඩට නැගලා තමා අපේ ගමනාන්තයට යන්න ඕනි …………. අපි දෙන්නත් ඉතින් හෙමින් හෙමින් ඇවිදන් අපි ආවා මං අර ඉස්සෙල්ලා කියපු පඩි පෙල ගාවට…. එතන තියෙනවා පොඩි වතුර පාරක් අපි ඉතින් ගෙනාපු බෝතල් වලට එතනින් වතුරත් පුරවගෙන අපි ගියා පඩි පෙල දිගේ උඩහට එතන්ට ගියහම හම්බෙනවා මං අර කියපු කෝවිල……. එතනත් වතුර තියෙනවා පායන කාලෙට නම් ඕවා මොකවත් නැතුව ඇති මං හිතන්නෙ….. අපි ගියෙ වැස්ස දවසක හින්දා වතුර පාරවල් හැම තැනම අපි ඉතින් කෝවිල ගාවට වෙලා පොඩ්ඩක් වෙලා ඉදගෙන ඉදලා අපි ආපහු ගමන යන්න පටන් ගත්තා…

DCIM\100GOPRO\GOPR2827.JPG

ඔය කෝවිලට එහා පැත්තෙන් තියෙනවා පොඩි අඩි පාරක්

ඒ අඩි පාර දිගේ උඩට යන්න ඕනි අපි දැන් ඉතින් ඔය අඩි පාර දිගේ උඩට ගියා ……… මං මේ කියන තරම් ලේසි නෑ ඔය අඩි පාර දිගේ උඩට යන එක ඒ පාරෙ එක එක තැන් වල හෙන මාන ගාලවල් ඒ තැන් වලින් පාර හොයා ගන්නත් අමාරුයි……. අපි ඉතින් ඔය කියපු මාන ගාලවල් පහු කරන්.. අපි ආවා කන්දෙ ටිකක් දුරට ටිකක් දුර කිව්වට ඉතින් තාම නැග්ගෙ කන්දෙ පොඩි දුරයි අපි ඉතින් ටිකක් ඒ හරියෙන් ඉදගෙන ඉදලා මහන්සි ඇරලා අපි ආපහු ගමන පටන් ගත්තා…….. හෙන ගේමක් දෙන්න ඕනි ඔය පාරවල් වලින් උඩට නැග ගන්න එක එක තැන් වල උඩට නගින්න ඕනි ගස් වල එල්ලි එල්ලි වගේ……….. හැබැයි වහින්නෙ නැති දවස් වලට නම් උඩට නගින්න ලේසියි වහින දවස් වලට නම් ටිකක් අමාරුයි උඩට නගින්න වැස්ස දවස් වලට ගස් වල එල්ලි එල්ලි උඩට නැග්ගත් බහින්න තමා මාරම අමාරු…….. අන්තිමට කියන්නම්කො බැහැපු හැටි ඒ ටික තමා මරම ආතල්

ඔය අඩි පාරවල් කිව්වට ඒවා වතුර යන කානු ඕවා දිගේ තමා උඩට නගින්න තියෙන්නෙ ඒකත් අංශක 70 ක් 80 ක් විතර ආනතියක තියෙන්නෙ ඉතින් හිතා ගන්නකො නගින්න ඕනි හැටි…… හරි හරි ඉතින් ඔය ටික නැගගෙන නැගගෙන උඩට එද්දි ටිකක් තැන්න වගේ ටිකක් සෙට් වෙනවා ඒ ටිකේ යන්න ඕනි ඉතින් දෙකට නැමිලා මොකද කියනව නම් ඒ ටික තියෙන්නෙ කැලේ ගස් වල අතු නැමිලා අතු වියනක් අස්සෙන් රිංගගෙන යන්න………… . ඒ ටිකේ යද්දි ඉතින් පොඩ්ඩක් මීදුමත් බාලා වටේටම ටිකක් අත්බූතයි වගේ ඒ ටික ඉතින් ……….. මීදුමත් බාගෙන එන හින්දා අපි ඉතින් ටිකක් පය ඉකමන් කරලා උඩට ආවා ……………

ඔහොම ඔහොම එක එක ඒවා අස්සෙන් රිංගගෙන අපි ආවා අපිට හම්බෙන පලවෙනි විව් පොයින්ට් එකට අම්මෝ එතන පේන විව් එක පාරම ලස්සනක් තියෙන්නෙ ……….. එතන්ට වෙලා අපි පැය බාගයක් විතර වගේ ඉදියා වටේ බල බල….. ආ මට කියන්න බැරි උනානෙ ග්‍රේට්වෙස්ටර්න් කියන්නෙ ඉතින් ටිකක් රිස්ක් එකක් තියෙන තැනක් මොකද කියනව නම් ඒක දිවියන්ගෙ ජනාවසයක්…. අපිට හම්බුනේ නැති උනාට එයාල ඉන්නවා කියන්න ගොඩක් දේවල් හම්බුනා අපිට යන පාර දිගේ….. එයාලගෙ අඩි සලකුනුයි….. එයාලගෙ බෙටියි තිබ්බා ඉතින් යන පාර අයිනෙ…. මං නං හිතන්නෙ ඉතින් අපි කාටවත් කරදරයක් නොකර යනවා නම් එයාලගෙනුත් අපිට කරදරයක් නෑ කියලා…..

DCIM\100GOPRO\GOPR2800.JPG

හරි හරි අපි ඉතින් අර විව් පොයින්ට් එකේ ඉදන් අපි දැන් ආහපු අපේ ගමන යන්න පටන් ගත්තා….. එතකොට අපි කන්දෙන් භාගෙකටත් වඩා නැගලා ඉවරයි….. අපි ඉතින් ඔහොම ඔහොම අර විව් පොයින්ට් එකේ ඉදන් උඩහට එද්දි අපිට හම්බෙනවා දෙවනි විව් පොයින්ට් එක … එතනත් තියෙනවා පොඩියට හදපු දේවාලයක්…. අපි ඉතින් හවස් වෙලා හින්දා එතන නතර වෙන්නෙ නැතුව අපි එහෙම්මම උඩහට ගියා.. ඒ හරියෙ තියෙන්නෙ ඉතින් පොඩි පොඩි ගස් හින්දා ඇදුම් වල එහෙම මාර විදිහට පැටලෙනවා කන්ද මුදුනට එන්න පොඩ්ඩක් පහලට වෙන්න අපිට හම්බුනා චූටිම චූටි වතුර පාරක් අපේ බෝතලයක් හිස් වෙලා තිබ්බ හින්දා හිරුශ ගිහිල්ල ඒකට වතුර පුරෝ ගත්තා හම්මට සිරි පල්ම පල් ගදයි ඒ වතුර ටික බොන්න නම් ගන්න බෑ ඒත් මොනා හරි හෝදන්න ගන්න පුලුවන් හින්දා ඒකත් අරගෙනම ආවා උඩහට ………

ඔහොම ඔහොම පට්ට ගේමක් දීලා අපි පැය 4 ක විතර ගමනකින් පස්සෙ අපි ආවා අපේ නැවතුම්පොළ වෙච්ච ග්‍රේට්වෙස්ටර්න් කදු මුදුනට… අම්මෝ අපි යද්දි මුලු වට පිටාවම මීදුමෙන් වැහිලා ඒ මදිවට මාර හුලග

ඒක නම් කමක් නෑ කියමුකො මීදුම වැඩි නෙසා වැස්ස වගේ පින්න ගහනවා අපි ඉතින් ටක් ගාලා තැනක් සුද්ද කරන් අපේ ටෙන්ට් එක ගහ ගත්තා……. අපි සුද්ද කරේ නෑ සුද්ද කරලා තිබ්බෙ පොඩි පොඩි ගල් ටික අහක් කරපු එක විතරයි ඉතින් කරේ එය කන්ද මුදුනේ කෑම්ප් කරන්න තැන් තුනක් තියෙනවා හොදට සුද්ද වෙලා තියෙනවා ඒ තැන් …………

DCIM\100GOPRO\GOPR2778.JPG

අපි ඉතින් මීදුම වැඩි වෙන හින්දා ඉක්මන්ට ටෙන්ට් එක ගහ ගත්තා… කෝකටත් කියලා වටේව ගල් ටිකකුත් තියා ගත්තා කෝකටත් හොදයි කියලා……. ටෙන්ට් එක ගහලා ඉවර උන ගමන් ටක් ගාලා බෑග් ටිකත් දාලා සපත්තුත් ගලවලා ඉක්මන්ට ටෙන්ට් එක අස්සට ගියා …….. සපත්තු නම් ගන්න කමක් නෑ මඩ පිරිලා……. ඒමයි කියලා එලියෙන් තියන්න බැරි හින්දා පොඩ්ඩක් සුද්ද කරලා සපත්තු ටිකත් දැම්මා ටෙන්ට් එක අස්සට……….

ඔහොම ඔහොම ඉතින් ටෙන්ට් එක අස්සට වෙලා ඉද්දි දන්නෙ ම නැතුව කරුවලත් වැටුනා… අපිත් ඉතින් පට්ට බඩගින්නෙ ඉදියෙ…… අපි ඉතින් අපේ රෑ කෑම එක හදා වන්න තමා බැලුවෙ වැඩේ කියනවා නම් එලියෙ කෑම හදන්න තියා එලියට බැහැලවත් ඉන්න බෑ ඒ තරමටම හුලගයි මීදුමයි……. අපි ඉතින් ටෙන්ට් එක අස්සටම වෙලා අපේ කෑම එක හදා ගත්තා. ඒක නම් ඉතින් පොඩ්ඩක් අනතුරුදායක වැඩක් තමා….. පරිස්සමින් කරන්න ඕනි ඉතින් … ආ හරි හරි මට කියන්න බැරි උනානෙ හදන්නෙ මොනවද කියලා වැඩි වැඩි දේවල් නෑ ඉතින් නූල්ඩස් එකක් හදලා නෙස්ටමෝල්ට් එකල් හදා ගත්තෙ……….. අපි දෙන්නත් එක්ක ඔය ටිකත් කාලා බීලා පොඩ්ඩක් එලියට යන්න කියලා හිතන් හිටියෙ වැඩේ හරි ගියෙ නෑ මීදුමත් එක්ක…. ඒක හින්දා අපි දෙන්නත් එක්ක එහෙම්මම නිදා ගත්තා තිබ්බ මහන්සියත් එක

නිදා ගත්තා කිව්වට ඉතින් නින්ද යන්නෙත් නෑ පුදුම සීතලක් තිබ්බෙ……….. ඒ මදිවට රෑ පොඩි වැහි පොදේකුත් ගිහිලා ටෙන්ට් එක අස්සෙන් පොඩියට වතුර බිංදුත් වැටෙනවා සීතලත් එක්ක මරු ආතල් එක . ඔහොම ඔහොම ඉතින් පොඩ්ඩ පොඩ්ඩ නින්ද ගියා ……………………….

දන්නෙම නැතුව එලියත් වැටුනා Good morning guys ……… ඊයෙ රෑ නිදා ගත්තේ උදේට නැගිටලා sunrise එක බලනවා කියලා හිතාගෙන මොන sunrise ද ඉර එලියක් වැටිලවත් නෑ තාමා ඊයෙ වගේමයි වටේම මීදුමෙන් වැහිලා ….. පට්ටම සීතලක්. …. ආ මට කියන්න බැරි උනා අපි ඉදපු තැන ඉදන් පොඩ්ඩක් ඉස්සරහට ගියහම තියෙන කන්ද මුදුනෙ විව් පොයින්ට් එක එතන්ට තමා මාර ලස්සන විව් එකක් සෙට් වෙන්නෙ… අපිට හරියටම බලා ගන්න බැරි උනා ඒක ….මං ඉතින් උදේම ගිය ඔය විව් පොයින්ට් එකට අම්මෝ එතන හුලග නිකන් මාව ගහගෙන යන්න තරමට ටිකක් වෙලා එතන හුලං බල බල ඉදලා ආපහු ආව ටෙන්ට් එක ගහපු තැනට… ඒ ටිකට ගියා විතරයි රෑ වැස්ස හින්දා ගස් ඔකොම තෙමිලනෙ ඉතින් කලිසමත් හොදට තෙමුනා…….

අපි දෙන්නත් එක්ක සීතල හින්දා ගිනි මැලයක් ගහ ගන්න කියලා බැලුවෙ ඉතින් …. මොන ගිනි මැලද වෑසට ඔක්කොම දර ටික තෙමිලා හින්දා ඇවිලුනේ නෑ ඉතින් 👍 අපි පට්ට ගේමක් දුන්නා අවුලෝ ගන්න වැඩේ හරි ගියෙ නෑ ඉතින් ඒක හින්දා වැඩේ අත ඇරලා දැම්මා………….. අපි ඉතින් ඊයෙ රෑ වගේම ටෙන්ට් එක අස්සටම වෙලා වතුර එකක් උනු කරන් නෙස්ටමෝල්ට් එකක් හදා ගත්තා…….. හදාගත්ත නෙස්ටමෝල්ට් එකත් අපි දෙන්නත් එක්ක කෝප්ප වලට දාගෙන අපි ආවා මං අර කලින් ගියා කියපු විව් පොයින්ට් එකට…….. ඒත් අර ඉස්සෙල්ලා වගේම තමා අපිව ගහගෙන යන්න වගේ පට්ට හුලග ……….. ටිකක් වෙලා එතන්ට වෙලා බලන් ඉද්දි චූටි වෙලාවක් මීදුම අඩු වෙලා පහල පේන්න පටන් ගත්තා මාරම ලස්සනක් පහලා තියෙන්නෙ…. ඒක පෙව්නෙ ඉතින් චූටිම චූටි වෙලාවයි ආහපු මීදුමෙන් වැහුනා…….. ඔය දැන් අපි ඉන්න තැනට පහලින් තමයි ග්‍රේට්වෙස්ටර්න් ස්ටේෂන් එක තියෙන්නෙ ……………….

අපි දෙන්නත් එක්ක ආපහු ආවා ඉතින් ටෙන්ට් එකට…. අපි ඉතින් අපේ උදේ කෑම එක හදා ගන්න තමා ලැහැස්ති උනේ… ඉස්සෙල්ලා වගේම තමා ඒකත් ටෙන්ට් එක අස්සටම වෙලා තමා හදා ගත්තෙ ඉතින් ඒකට හේතුව ඉතින් ආයි අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ ….හරි ඉතින් අපි අපේ උදේ කෑම එකට හදා ගත්තා බතුයි මීට් බෝලුයි………. අපි දෙන්නත් එක්ක ඕකත් කාලා 9 ට විතර පහලට බහින්න කියලා තමා ලැහැස්ති උනේ 12.30 ට බදුලු යන්න තියෙන කෝච්චිය අල්ල ගන්න අනිත් කදු වගේ මේ කන්ද ලේසියට බහින්න බෑ………..

අපි ඉතින් කාලා එහෙම ඉවර වෙලා ටෙන්ට් එකත් අකුලල ලැහැස්ති උනේ ආපහු පහලට බහින්න කියලා…….. ටෙන්ට් එක අකුල ගන්නත් පට්ට ගේමක් දෙන්නෙ අපි දෙන්න පොඩි වැහි පොදයක් යන හින්දා අපි ඉතින් අපි අදපු තැන ඔක්කොම අස් කරලා ග්‍රේට්වෙස්ටර්න් කදු මුදුනට සමු දීලා අපි ආපහු පහලට බැහැගෙන එක ගමන් මේ……….. අපි පහලට බහින්න පටන් ගද්දි ඉදන් ඉතින් පොෆි වැහි පොදයක් යනවා ඔය වැහි පොදෙ අපිට ආශිර්වාදයක් කියලා හිතාගෙන තෙමීගෙනම අපි පල්ලම් බැස්සා.. . රේන් කෝට් එකක් දාගෙනවත් ඒ කැලේ එන්න බෑ ඔක්කොම පැටලෙනවා කටු අතු වල….. කන්දෙ මුදුන ටික නම් බහින එක ලේසියි ගොඩක් පල්ලම නැති හින්දා හැබැයි ඒකත් මාර පරිස්සමට බහින්න ඕනි එක එක තැන් තියෙන්නෙ හෙල අයිනෙන්ම කකුල ගියොත් පහල තමා නතර වෙන්නෙ ඉතින් ……………… එක තැනකදි නම් අපිටත් පාර වැරදිලා වෙන පාරක ගියා… පොඩ්ඩ දුරයි ගියෙ ටක් ගාලා මීටර් වෙලා ආපහු ආවා අපි….. කන්දෙ බාගයක් විතර පහලට බැහැපුවහ තමා බහින්න අමාරුම තැන් සෙට් වෙන්නෙ….

DCIM\100GOPRO\GOPR2745.JPG

මං අර ඉස්සෙල්ලා කිව්වෙ බහිද්දි තමා ආතල්ම කියලා … අපි බහිද්දි ඉතින් වැහැලත් තිබ්බා හින්දා තවත් ආතල් . එක එක තැන් වල අල්ලන්න වත් ගහක් නෑ තියෙන්නෙ තිබ්බටු ගස් මාර විදිහට කටු ඒවගෙ….. එල තැනක් නම් මාර වැඩක් මට උනේ හිරුශයා ඉස්සෙල්ලා පහලට බැස්සා… මං ඊට පස්සෙ පහලට බැස්සා මං එතන ලෙස්සලා වැටිලා දනිස් දෙකෙන් රූටං පහලටම ගියා අරූ ඉදියෙ නැත්නම් තවත් පහලට යනවා දනිස් දෙකෙන් රූටලා නැගිටින්න හැදුවා විතරයි ආහපු $$$$ රූටලා ගියා අම්මෝ මරු ආතල් එක . මං දාගෙන ගිය සපත්තු දෙකේ තිබ්බ හොද කම හින්දා තමා ඉතින් .

පට්ට ගේමග් දීල අපි ඔය අමාරුම ටික බැහැ ගත්තා…. හොදටම තෙමිලා අපි දෙන්නා ඒ ටික බහිද්දිත් ඒ වගේම මං මඩ නාලා ……. ඔහොම ටිකක් එද්දි අපිට හම්බුනා කන්ද නගින්න යන තව අයියලා සෙට් එකක් එයාල ටික අපිට අයියෙ අයියෙ ගගා කතා කරේ හැබැයි අපි දෙන්නත් අයියලා දෙන්න වගේ ඉදියා ඉති එයාලටත් ඉතින් පරිස්සමට ගිහින් එන්න කියලා අපි ආවා පහලට අපි 12.10 වගේ පට්ට ගේමක් දීලා අර කෝවිල ලගට ආවා ……… අපි චුට්ගක් වෙලා එතන්ට වෙලා ඉදලා පොඩ්ඩක් ඇග හෝද ගන්න ඕනි හින්දා ටක් ගාලා අර පඩි පෙල දිගේ පහලට බැස්සා … එතනින් පහල තියෙනවා පොඩි ඇල පාරක් එතන්ට යන්න කියලා හිතන් වැඩේ

කියන්නෙ ඉතින් අපිට ඇල පාරට බැහින්න තැනක් හොයා ගන්න බැරි උනා අපිට වෙලාවත් මදි හින්දා ඇග හෝදන වැඩේ අත ඇරලා දාලා අපි ටක් ගාලා කෝච්චි පාර දිගේ දුවගෙන ගියා ස්ටේෂන් එකට එතන්ට යද්දිත් 12.30. ටිකක් සෙගත් ඉදියා ඉතින් අපි දෙන්නා ගස් වැද්දො දෙන්නා වගේ මඩ නාලා තෙමිලා තෙමිලා ඉදියෙ දඩි බිඩි ගාලා අර ඉස්සෙලා අපි කාපු කාමරේට ගිහිල්ලා ඇදුම් ටික ගලවලා දාලා වෙන ඇදුම් ටිකක් ඇදන් ලග තිබ්බ ටැප් එකකින් යන්තන් මූන පොඩ්ඩක් හොද ගත්තා . ඊට පස්සෙ ටක් ගාලා බෑග් ටික පැක් කරගෙන දුවලා ගිහිල්ලා බදුල්ලට ටිකට් දෙකක් ගත්තා…

අර අපිට කලින් දවසෙ හම්බුන අයියත් එක්කත් කතා කරලා අපි එහෙනම් ගිහින් එන්නම් කියලා කෝච්චියේ නැගලා වටේ ලස්සනත් බල බල අපි ආවා බදුල්ලට.. ඒ කෝච්චියේ නම් වැඩිය සෙනග ඉදියෙ නෑ හැබැයි බදුල්ල ස්ටේෂන් එකේදිත් අපි දෙන්නට මාර වැඩක් උනේ ඒවා කියන්න ඕනෙ නෑ ඉතින් මෙතන… හැබැයි එතන්දි දත් ටික බඩට යන්න දෙකක් දී ගන්න බැරි උන එක ගැන තාම පසු තැවෙනවා . හරි හරි එව්වා වැඩක් නෑ ඉතින් අපි දෙන්නත් එක්ක බදුල්ලෙන් දවල්ට කාලා කොලබ බස් එකක නැගලා ගෙදර ආවා

මෙ අපේ අද ගමනාන්තයුන ග්‍රේට්වෙස්ටර්න් කියන්නෙ කොල පාට විමානයක් මාරම ලස්සනක් තියෙන්නෙ මේ කන්ද නෙ උසින් ගත්තහම ලංකාවෙන් 7 වෙනි තැන තියෙන්නෙ ඒ කියන්නෙ මේ කන්ද මීටර 2212 විතර වෙනවා… මේක නුවරඑලිය දිස්ත්‍රික්කයේ තලවකැලේ නගරයට ආසන්නව තමා තියෙන්නෙ…මේ කන්ද ඔයාලට බලාගන්න පුලුවන් කෝච්චියේ බදුලු යනවා නම් ග්‍රේට්වෙස්ටර්න් ස්ටේෂන් එකට පිටි පස්සෙන් .

ඒක නම් මාරම අත්දැකීමක් ඔයාලත් ඒක විද ගන්නම ඕනි

හරි ඔන්න ඔහොමයි මගේ තවත් එක් ගමනාන්තයක් නිමා උනේ…… එහෙනම් තවත් මේ වගේම ගමනාන්තයකින් හමු වෙමු……. .

මම

විදත් නාපාවල

-Travel napa-

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles