spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ඌවේ දැවැන්තයා නමුණුකුල

සුන්දර ඌව පුරවරයේ  බදුල්ල කිවාම මතක් වෙන දෙයක් තමා නමුනුකුල කන්ද…..ඒ තරම් නමුනුකුලයි බදුල්ලයි අතරේ පුදුමාකාර බැදිමක් පවතින්නේ……ලංකාවේ කදු අතරින් උසින්  12 වැනි මෙන්ම ඌව පලාතේ උසම කන්ද වෙන්නෙත් මේ නමුනුකුල  කන්ද….

නමුනුකුල කන්ද

ශ්‍රී ලංකාවේ කඳු පන්ති අතර උසින් 12 වැනි ස්ථානයට හිමිකම් කියන නමුණුකුල කඳු පන්තිය මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්හි පිහිටා තිබේ…උස  2011.7 mක් වූ මෙම කඳු පන්තියෙහි උස්ම ස්ථානය නමුණුකුල කන්ද ලෙසින් ගම්වාසීන් හඳුන්වනවා…නමුණුකුල කන්ද සතු වන මුදුන් තැනිතලාව කඳු පාමුල සිට බැලූ කල්හි දිස්වනුයේ සෘජුව ඉහළට නැගි කන්දෙහි එකවරම ඇතිවන නැම්මක් ලෙසයි. එබැවින් මෙය පැරැන්නන්ගේ ව්‍යවහාරයෙහි නැමුණු කන්ද හෙවත් නැමුණුකුල ලෙසින් හැඳින්වුණේ . පසුකාලීන භාෂා විකාශනයේදී විවිධ ජනවර්ගයන්ගේ උච්චාරණයන් නිසාවෙන් නැමුණුකුල යන නාමය නමුණුකුල බවට පරිවර්තනය වෙලා තියෙනවා…

නමුණුකුල කන්ද හා බැදුනු කතා

ඉන්දික නම් දෙවි කෙනෙකු විසින් නමුණුකුල කඳුපන්තිය ආරක්ෂා කරමින් එහි වාසය කරන බැව් ලාංකීය පුරාවෘත වල සඳහන් වෙනවා… මීමලේ ගම් වාසීන් කඳු පන්තිය පූජනීයත්වයෙන් සලකන බැව් පිවිසුම් මාර්ගයෙහි දෙපස නිර්මාණය කොට ඇති කෝවිල් සහ දේවාල දුටු විට වැටෙහෙනවා

නමුණුකුල ට යන ගමන් මාර්ග

නමුණුකුල තරණය කිරිම සඳහා බදුල්ල, ඇල්ල හරහා නමුණුකුල සහ බදුල්ල – පස්සර මාර්ගයෙහි 2 කණුව හෝ 10 කණුව හරහා නමුණුකුල ලෙසින් පිවිසුම් මාර්ග කිහිපයක් ඇත. නමුත් අතරින් ස්වභාව සෞන්දර්ය අතින් පොහොසත්ම වනගත මං පෙත වනුයේ බදුල්ල, ස්ප්‍රිංවැලි, මීමලේ හරහා නමුණුකුල තෙක් දිවෙන මාර්ගයයි.

නමුණුකුල තරණය සහ වටපිටාව.

නමුනුකුල තරණයේ යන පා ගමන පුරා පැය 1 1/2 කට අධික වූවකි. නමුණුකුල පිවිසුම් මාර්ගයහි මුල් කිලෝමීටරයට ආසන්න දුරක් සමන්විත වනුයේ වතු යාය මැදින් වැටුණු පුළුල් මාර්ගයකිනි. පසුව මුණ ගැසෙනුයේ විශාල ආනතියකින් යුතු ස්වභාවික මං පෙතකි. එහි අවසානයේ හමුවන කුඩා දිය කඩිත්තෙන් එගොඩ වුණ පසුව පිවිසෙනුයේ දැවැන්ත ටර්පන්ටයින් වෘක්ෂයන්ගෙන් ගහණ වනාන්තරය මධ්‍යයේ පිහිටි කුඩා අඩිපාරකටය. නිතරම මීදුමෙන් බරවි ඇති නමුනුකුල  දේශගුණය ක්ෂණික ව ඝණ මිහිදුමෙන් මුළු වනාන්තරයම වසා ගැනීමට තරම් පුදුමාකාරයි 

නමුණුකුල කන්දේ සිට පසෙක වළාකුළු වලින් වැසී ගිය නමුණුකුල කඳු පන්තියයි… තවත් පසෙකින් පෙනෙනුයේ බදුල්ල නගරයයි. වෙන් වෙන්ව හඳුනාගත නොහැකි වුවද ඌව වෙල්ලස්ස හි  පුළුල් ප්‍රදේශයක් නමුණුකුල කඳු මුඳුනට දක්නට හැකිවෙනවා ..

මුළුමනින්ම තැනිතලාවක් වන නමුණුකුල කඳු මුදුන ආසන්න වශයෙන් වර්ග අඩි 2000 ක පමණ පුළුල් ඉඩ කඩක් සහිත ස්ථානයකි. කුමන යුගයක නිර්මාණයක් දැයි වටහා ගත නොහැකි වුවද කඳු මුදුනට පැමිණෙන්නගේ පිපාසය නිවාලීමට තනන ලද කුඩා ළිඳක්ද මෙම තැනිතලාවෙහි වෙයි. ඝණ දෙවි පිළිරුවක් සහිත කුඩා දේවාලයක් ද, බුද්ධ ප්‍රතිමාවක් සහිත කුඩා මල් ආසනයක් ද තැනිතලාවෙහි පසෙකින් නිර්මාණය කොට ඇත.

නමුණුකුල වර්තමාන තත්ත්වය 

බොහො දෙනෙකු අතර නමුණුකුල කදු තරණයටත් රාත්‍රි කදවුරු බැදිමටත් ප්‍රසිද්ධ තෝතැන්නක්..නමුණුකුල කදු මුදුනේ ඇති ඉඩකඩ සහිත තැනිතලා බිම නිසා එහි පහසුවෙන් සිටිය හැකිය….ඒ නිසාම  බොහො ලෙස හිස් බෝතල්,ප්ලාස්ටික් හා පොලිතින් එහි බැහැර කිරිම නිසා සැලකිය යුතු තරමේ හානියක් නමුණුකුල ට සිදු වී තිබෙනවා ……නිවරදි,සංයමයෙකින් යුත් සංචාරකයන් ලෙස සංචාරයන් කිරිම සෑම දෙනෙකුගේම යුතුකමක් වෙනවා 

සටහන– තිවංක රත්නසේකර

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles