spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ත්‍රීකුණාමල සවාරිය – චමිල රණතුංග

ත්‍රීකුණාමල සවාරිය

…………………………………..

පහුගිය දීර්ඝ සති අන්තෙ මායි වයිෆුයි . තව අපේ මිත්‍ර යුවලකුයි ත්‍රීකුණාමලේ සංචාරය කලා. එහෙදී සංචාරය කරපු තැන් සහ අත්දැකීම් විස්තර කරන්න තමා මේ පෝස්ට් එක ලියන්නෙ.

අපි බ්‍රහස්පතින්දා උදේ 6.00ට වගේ පිටත් වෙලා මීරීගම හුවමරුවෙන් කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ ගමන් කලා. හුවමාරූ මද්‍යස්ථාන ලගදී ලොකු වාහන තදබදයක් තිබ්බා. අපි මැල්සිරිපුර හරියෙදි NLDB අලෙවි සැලකින් උදේ ආහාරය ගත්තා. එතන බුෆේ එකක් තියෙනවා එක කෙනෙක්ට 650ක් වගේ වෙනවා ,රොටි ඉදි ආප්ප බත් මයියොක්කා කඩල තිය්‍ර්නවා මාලු හරී බිත්තර හරී එකයි දෙන්නේ එතන එළකිරි තියෙනවා.

ලොකු තදබදයක් නොතිබ්බත් වාහන සෑහෙන ප්‍රමාණයක් පාරේ තිබ්බා . නීතීය කඩන රියදුරො වගේම ඒවා අල්ලන්න ඉන්න රථවාහන පොලිසියත් සෑහෙන්න පාරේ උන්නා.

ඊට පස්සෙ අපි හබරණ හරහා ගමන් කලා ඒ පාරේ වාහන අඩුයි වගේම දෙපැත්තෙම කැලෑව පිච්චිලා තිබ්බෙ.

අපි මුලින්ම බැලුවේ කන්තලෙ වැව අග්බෝ රජ්ජුරුවෝ හැදුවා කියලත් කියනවා කුලකෝට්ටන් රජතුමා හැදුවා කියලත් කියනවා. වැවේ වතුර අඩු වෙලා තිබ්බ නිසා රළපනාව දිගේ වැවට බහින්න පුලුවන් කම තිබ්බා. එතන කිසිම ජීවිතාරක්ෂක ක්‍රමයක් නෑ ඒක නිසා පරිස්සමට කරන දෙයක් කරන්න ඕන අනික බිම හැමතැනම බෙලි කටු ඒක නිසා කකුල් පරිස්සම් කර ගන්න ඕන

ඊට පස්සෙ අපි ත්‍රීකුණාමලයට ආවා, දවල්ට කෑම වගේම අනිත් අවශ්‍ය දේවල් කාගීල්ස් සාප්පුවෙන් අරන් අපු දවල් කෑම් ගත්තේ උප්පුවේලී පාර පටන් ගන්න තැනම් තිබ්බ green lands hotel එකෙන්. Rice &curry (430) සහ fried rice (800)එකක්.

එතනින් පස්සෙ අපි ගියේ කන්නියා උණු වතුර ළිං බලන්න විශ්වාසයන්ට අනුව රාවණා රජ්ජුරුවෝ තමන්ගේ මෑණියන්ගේ අවසන් කටයුතු සදහා නෑවීමට මේ උණදිය උල්පත් තැනුවා කියලා කියන්නෙ. මේ වගේම උණුදිය උල්පත් මදුනාගලත් තියෙනවා. මෙතන පිවිසුමට එක් අයෙකුට රු 100ක් ගන්නව. ඇදුම් මාරුකරන්න පහසුකම් තියෙනවා එත් සීමිත් බාල්දී ගානක් තමා තියෙන්නෙ. ඇත්ත්ටම මොන රස්නෙන් උන්නත් ඒ වතුර ගෑවෙන කොටත් මාර සනීපයක් දැනෙනව.

එතනින් එනකොට තල් ගෙඩියකුත් කාලා තමා අපි ආවේ .

එතනින් පස්සෙ අපි ආවේ පොදු රාජ්‍යමණ්ඩලීය සොල්දාදුවන් මිහිදන් කරලා තියෙන යුධ ස්මාර්ක සොහොන් පිටියට . මේ සොහොන් පිටියේ දෙවන ලෝක යුද්ධය නිසා 1935 ඉදන් මියගිය හමුදා සෙබලුන් මිහිදන් කරලා තියෙනවා. මේ බිමේ හමුදා පුදගලයන් 336 දෙනෙක් මිහිදන් වෙලා ඉන්නවා වගේම ඉන් 20 දෙනෙක් ලාංකිකයෝ . මේ සිහිවටන වල ඒ සෙබළුන්ගේ ජාතිකත්වය තනතුර , මිය ගිය හේතුව අනුයුක්ත නැව රෙජීමේන්තුව වගේම ඔහු වෙනුවෙන් සමරු වැකියක් සහ සමරු ලකුණකින් සමන්විත වෙනවා. මේ සොහොන් බ්ම දැනට උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ තමා පාලනය වෙන්නෙ.

පොදුරාජ්‍ය මණ්ඩලීය යුධ ස්මාර්ක

වෙල්ගම් වෙහෙර යන්න බලාපොරොත්තු උනත් අපිට කාලය හරස් උන නිසා ඒ ගමන අත ඇරලා අපි අපේ දිවා ආහරය හවස හතරට විතර ගන්න තීරණය කලා. ඒ අපි අරන් ආව කෑම සොහොන් බිම ඉස්සරහම තියෙන කඩේ තියන් කන්න අවසරය අරන් .ඒ කඩේ උන්නෙ දෙමළ අක්කා කෙනෙක්. එයාට සිංහල හරියට බෑ අපිටත් දෙමළ බෑ ඒත් ඒ අක්කා සෑහෙන සුහදශීලීත්වයකින් අපිට උදව් කලා.

එතනින් පස්සෙ අපි නිලාවේලී වල අපි නවාතැන් ගත්ත coco lagoon එකට ආවා. එතන ටිකක් විවේක අරන් අපි හවස් වෙනකොට නිලාවැලී වෙරළට ගියා ඒ යනකොට එතන මාර සෙනගක්. පහුවදාට පරවී දූපත නෑරඹීමට යාමට අවශ්‍ය විස්තර අඩවි වන කාර්‍යාලයෙන් අහගෙන වෙරළේ උන්නා. හවස 6.00වෙනකොට නිලාවැලී වෙරලේ රාජකාරී කරන ජීවිතාරක්ශකයන් ඉවත් වෙනවා . ඊට පස්සේ මුහුදේ රැදෙන එක අනතුරුදායකයි.

පහුවදා අපී නිලාවැලී වෙරළට යන්න උන්නෙ උදේ 8.30ට උනත් පරක්කු උන නිසා 9.30 වගේ උනා ඒ යනකොටත් සෑහෙන සෙනගක් වෙරළෙ සහ අඩවි වන කාර්‍යාලේ උන්නා පරවි දූපතට යන්න අවසර ගන්න .

පරවි දූපතට යන්න වැඩිහිටියෙක්ට ප්‍රවේශ පත්‍රයකට රු 350ක් වෙනවා . යන බෝට්ටුවට සහ snookling කරන්න අවශ්‍ය වෙන goggles , fins life jacket වලට වෙන වෙනම ගෙවන්න වෙනවා.

පරවි දූපතට ගමන

බෝට්ටුවක 7 දෙනෙක්ට යන්න පුලුවන් ඒ වෙනුවෙන් රු 8000ක් අය කරනවා. ඊට අමතරව අනිකුත් ආම්පන්න එකකට රුපියල් 500 ගානේ අය කරනවා. මේ බෝට්ටුවක් සාමාන්‍යයෙන් අපිව දූපතේ දාලා ආපහු වෙරළට එනවා අපි එන්න කියුවම ගන්න.

විනාඩී 8ක් වගේ බෝට්ටුවේ දූපතට යන්න ඕන . අපි හතර දෙනෙක් උන්න නිසා අපිත් එක්ක තව යුවලක් එකතු වෙලා බෝට්ටුවේ ගාස්තුව බෙදා ගත්තා.

පරවි දූපත සහ ඒ අවට කොරොල් පර කියන්නෙ ලංකාවේ තියන මුහුදුජීවී රක්ශිතයක් . ලංකාවේ මේ වෙනකොට සංචාරකයන්ට දකින්න පුලුවන් සජීවී සහ ස්වාභාවික කොරොල් පරයක් තමා පරවි දූපත අවට තියෙන්නෙ. මේ අවට කැස්බෑවෝ, මෝරු ගිරා මාලු වගේම අනෙකුත් කොරොල් පර අවට ජීවත් වෙන ජීවෙන්න නරබන්න හැකියාවක් තියෙනවා.

මේ කොරොල් පර සහිත ප්‍රදේශයට තනියම ඇතුල් වෙන්න බෑ ඒ සදහා guide කෙනෙක්ගේ සහය ගන්න ඕන . ඒ අය පීනන්න බැරි අයව උනත් පාවෙන උපාංග බාවිතා කරලා මේ කොරොල් පර බලන්න එක්ක යනවා . ඒ සදහා එක් අයකුට රුපියල් 500ක් අය කරනවා.

පරවි දූපත අවට සංවේදී කොරොල් පරය ලණුවකින් ආවරණය කරලා ඒ තුලට පිවිසීම තහනම් කරලා තියෙන්නෙ. නමුත් ඒ අවට කොරොල් පරය නරබන්න පුලුවන් ලංකාවේ මන් දැක්ක ලස්ස්නම දේවල් තිබිලා තියෙන්නෙ පරවි දූපත ආසන්න මුදු පතුලේ කොරොල් වල. ඒක ඇබ්බැහි වෙන සුලුයි. ඔහේ පා වෙවී ඒ කොරොල් දිහා මාලු දිහා වරුවක් උනත් බලා ඉන්න පුලුවන්. ඔයා කොරොල් බලන්න යනවනම් හොදට ඉර පායන දවසක උදේ ක යන්න.

ඒ වගේම ලංකාවේ අවිධිමත් සංචාරකයන්ගේ නොමනා ක්‍රියා කලාප නිසා මේ කොරොල් වලට සෑහෙන හානියක් වෙනවා. මේ කොරොල් මත අඩිය තිබීම නිසා මේ කොරොල් කැඩෙනව මේ කොරොල් අවුරුද්ද්දකට වැවෙන්නෙ 2mm පමණ කොටසක් .එතකොට අවුරුදු ගණනක කාර්‍යයක් එක මොහොතකින් විනාශ වෙනවා. පරවි දූපතේ ඉන්න අඩවි වන නිලදාරී කාර්‍ය මන්ඩලය්ත් හරී සුහදයි ඒත් කොරොල් උඩ අඩිය තිබ්බොත් නම් අහ ගන්න පුලුවන් ,ඒ අයගේ කාර්‍යාලයේ බෑග් තියන්න පුලුවන්.ඒත් හොදම දේ දූපතට යනකොට අවශ්‍යම දේවල් විතරක් රැගෙන යන එක.

පරවි දූපතේ අපි පැය 3ක් විතර කොරොල් බලලා නැවත නිලාවැලි වෙරළට ඇවිත් දවල් ආහාරයත් එක්ක අපේ ඊලග නවාතැන් පලට පැමිනියා. ඊට පසෙ නා කියාගෙන අපි ගියේ ors hill හී තියෙන යුධ හමුදා කෞතුකාගාරය නරබන්න . ඒ සදහා එක් අයකුට රු 30ක අය කිරීමක් කරනවා. යුධ හමුදාවේ මහත්මයෙක් විස්තර කරන්න ත් එනවා.

මේ කෞතුකාගාරයේ ශ්‍රී ලංකා යුධ හමුදාව වගේම LTTE සංවිදානය භාවිතා කරපු ආයුධ වගේම සන්නාහ සන්නද්ධ රථ කාලතුවක්කු ප්‍රදර්ශනය කරලා තියෙනව . මේ කෞතුකාගාරයේ වායු රයිෆල් වෙඩි පිටියක් තියෙනවා ඒකේ වෙඩි තැබීම් 5ක් රුපියල් 200ක් දීලා කරගන්න පුලුවන් .අවසානෙට වෙඩි තැබූ ඉලක්ක පුවරුව ලබා දෙනවා.

එතනින් පස්සෙ අපි ගියේ කෝනේශ්වරම් කෝවිලට කෝනේශ්වරම් දෙවියෝ එහෙමත් නැත්නම් ශිව දෙයියෝ තමා මේ කෝවිලේ වැඩ ඉන්නවා කියලා සලකන්නෙ . කෝවිලේ චිත්‍ර වලින් ඉතිහාස කතා විස්තර කරලා තියෙනවා. අපි යනකොට අදුරු වැටිලා තිබ්බ නිසා රාවණා කැපුම වගේම ත්‍රීකුණාමල දඹය බලා ගන්න බැරි උනා. එතනින් පස්සෙ ෆෙඩ්‍රික් කොටුව ඉස්සරහ තිබ්බ STREET FOOD festival එකෙන් කාලා අපි නවාතැනට ආවා.

රාවණා කැපුම

සෙනසුරාද ඒ කියන්නෙ තුන් වෙනි දවසේ ටිකක් දවල් වෙනකන් නිදා ගත්තා අපි කන්න ගියේ Nandos resturant එකට එතන pure vegetarian හින්දු කැම තියෙන හන්දා එතනින් බොහෝම රසවත් උදේ කෑම වේලක් අරන් අපි ගියේ නාවික සහ සමුද්‍ර විද්‍යා කෞතුකාගාරයට.

ත්‍රීකුණාමල නාවික සහ සමුද්‍ර විද්‍යා කෞතුකාගාරය පාලනය වෙන්නෙ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ. .ඒ කෞතුකාගාර ගොඩනැගිල්ල 16 වන සියවසේ ඉදිකෙරූවක් වන අතර එය මහල් දෙකකින් සමන්විත වෙනවා . මේ ගොඩනැගිල්ල ලංදේසි නාවික කොමසාරීස් වරයාගේ නිල නිවස සහ කාර්‍යාලය ලෙස භාවිත කර තිබූවක්. එහි සිට බලන්කොට මුලු ත්‍රීකුණාමල වරායම දිස් වෙන ආකාරයට තම ඒ ගොඩනැගිල්ල ඉදි කර තියෙන්නෙ. 2013 දී නෙදර්ලන්ත ආධාර මත නැවත ප්‍රතිසංස්කරණය කරලා තමා මේ කෞතුකාගාරය ස්ථාපනය කරලා තියෙන්නෙ.

යුධ හමුදා කෞතුකාගාරය

මේ කෞතුකාගාරයේත් විස්තර කරන්න මහත්මයෙක් ඉන්නවා ඒ වගේම ඒ මහත්මයා හොදින් අදාල ස්ථාන දක්වමින් ඉතිහාස කතා වකවානු එක්ක අදාල කරුණු විස්තර කරනවා. ත්‍රීකුණාමල වරාය ඇයි විශෙශ වෙන්නෙ ඒ වරාය පාලනය කල විදේශ ජාතීන් , දෙවන ලෝක යුද්ධය, වරායේ පිහිටීම සහ නූතන ලෝකය තුල වරායෙ වැදගත් කමත් හොදින් විස්තර කරනවා. අවසානයේ ගොඩනැගිල්ලෙ වහලට නැගලා මුහුද නිරීකශනය කරන්නත් පුලුවන්.මේ කෞතුකාගාරයට ඇතුල් වීමට ගාස්තුවක් අය කරන්නෙ නෑ. ඔබට කැමතිනම් නඩත්තුව සදහා මුදලක් පරිත්‍යාග කරන්න පුලුවන්.

නාවික සහ සමුද්‍ර විද්‍යා කෞතුකාගාරයේ ඇති අනුරුවක්
නාවික සහ සමුද්‍ර විද්‍යා කෞතුකාගාරයේ ඇති කොරොල් පරයක අනුරුවක්
ත්‍රීකුණාමල මුහුදේ දැකිය හැකී ඩොල්පුන් සහ තල්මසුන්ගේ අනුරුවක්

ඊට පස්සෙ අපි ත්‍රීකුණාමල නගරයෙන් පිටත් වෙලා චීන වරාය හංදියට ඇවිත් වරාය අධිකාරීය මගින් මෙහෙයුම් කටයුතු සිදු කරන අශ්රොෆ් ජැටිය නැරඹුවා. අපි ගියපු දවසෙව් විශේශ මෙහෙයුම් මොකුත් නොතිබ්බ නිසා අපි ඉක්මනට එතනින් ආව. වරායට ඇතුල් වෙනවනම් වරාය අධිකාරියේ විශේශ අවසරයක් ගන්න ඕන .

අශ්‍රොෆ් ජැටිය

ඊටත් පස්සෙ අපි ගියේ ගුවන් හමුදාව මගින් පාලනය වෙන marble beach එකට ඒ සදහා බොහොම පටු පාරක තරමක් දුරක් යන්න ඕන . ඇතුලුවීම සදහා ටිකට් එකක් ගන්න ඕන සහ ඒක් පුද්ගලයෙක්ට රුපියල් 30ක් වෙනව . එතනත් ගුවන් හමුදාව විසින් ආරක්ශිත කලාපයක් මහජනයාට වෙන් කරලා තියෙනවා. ජීවිතාරක්ශකයන් සමග. එතනිනුත් ගෙවලා snookling කරන්න යන්න පුලුවන්. Marble beach වල අපිහිතපු තරම් දෙයක් නොතිබ්බ නිසා අපි පිටත් ඉක්මනට පිටත් උනා. එතන ගුවන් හමුදාවෙන් නාන්න , පහසුකම් සලසලා තිබ්බා.

වෙඩි පිටිය

එතනින් අපි පිටත් වෙනකොට 3 වගේ උන නිසා අපි කන්න ගියේ තවක්කාල් කියන හොටලයට. ඒකටයන්න කින්නියා පාළම උඩින් යන්න ඕන මහවැලි ගගේ මෝයක් උඩින් තමා ලංකාවේ දිගම පාලම වෙන කින්නියා පාළම හදලා තියෙන්නෙ කිලෝමීටර් බාගයකටත් වඩා දිගින්. තවක්කාල් හෝටලය වඩාත් ප්‍රසිද්ද බිරියානී වලට උනත් අපි යනකොට බිරියානී ඉවර වෙලා තිබ්බා.

ඒ නිසා thai rice & nasi goorong කෑවා ඒ කෑම ඉතාමත් රසවත් වගේම සෑහෙන තිබ්බා.කඩේ පිරිසිදුකම ගැන ප්‍රශ්න තිබ්බත් කෑම කොලිටියට තිබ්බා . ඊට පස්සෙ අපි කින්නියා හරහා කන්තලේ හබරණ හරහා ගෙදර ආවා.

ත්‍රිකුණාමලය කියන්නෙ ලංකාවෙ නාවික ක්ශේත්‍රයේ සෑහෙන්න වටිනාකමක් තියෙන වරායක්. ඊටත් අමතරව පුරාව්ද්‍යා වැදගත් කමත් එහෙමයි . අනික සමාජ විද්‍යාත්මකව පශ්චාත්‍ යුධ අත්දැකීම් තියෙන සිංහල දෙමළ හින්දු ක්‍රිස්තියානි,කතෝලික,බර්ගර් ඉස්ලාම් ප්‍රජාවත් ඉන්න ප්‍රදේශයක් මේ නිසා සමාජ විද්‍යා අද්‍යනයක් කරන්නත් සුදුසු ප්‍රදේශයක්.

මීට අමතරව වෙගම් වෙහෙර ගෝකණ්න විහාරය, නාවික හමුදා කෞතුකාගාරය බලන්න පුලුවන් වෙලාව සහ අවසර ගැනීම් වල ප්‍රශ්න උන නිසා ඒවා බලන්න බැරි උනා.

කෑම ගැන කියනවනම් කෑම ගෙවන ගානට වටිනවා, අපි තෝරලා බලන්නෙ නැතිව ගියපු කඩවලත් කෑම හොද තත්වෙන් තිබ්බා. බස්නාහිර පළාතට වඩා කෑමවල කොලිටිය මිල වගේම රහත් වැඩී. Rice &curry ගන්න කොටනම් දකුණේ රහ නැතිවෙලා උතුරු කරේ රහක් එනවා ඒ භාවිතා කරන කුළුබඩු සහ ක්‍රම හන්දා.

මේ සංචාරක ස්ථාන අවට තල් වලින් නිශ්පාදනය කරපු කෑමවර්ග වගේම නොයෙකුත් භාන්ඩ තියෙනවා මිලදී ගන්න .

ත්‍රීකුණාමලයේදී මට හම්බවෙච්ච හැම මනුස්සයම වගේ සුහදශීලී මිනිස්සු,දෙමළ ටිකක් කතා කරන්න බැරි අඩුව හුගක් දැනුන.

ඔයාලත් යන්න වගකීමෙන් පරිස්සමට පරිසරයටත් හානියක් නොවෙන විදියට අත්දැකීම් ගන්න.

ජය වේවා !

…චමිල රණතුංග …

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles